
නවසීලන්තයේ Auckland නගරයේ ජනප්‍රිය මුහුදු මාර්ගයක් වන Tāmaki Drive මතට, පාපන්දු බෝලයක සිට suitcase එකක් තරම් විශාල ගල් කැබලි කඩා වැටීමෙන් හදිසි ආරක්ෂක තත්වයක් ඇතිවී තිබේ.
මෙම සිදුවීම සිදු වූයේ Takaparawhau / Bastion Point අසල කඳු බිත්තියෙන් ගල් කැබලි කඩා වැටීම නිසා බව හදිසි සේවා නිලධාරීන් පැවසීය.
⚠️ ගල් කැබලි පතිත වීම සිදු වූයේ එක් වරක් පමණක් නොවෙයි. තවදුරටත් අවදානම තිබේ….
ගිනි නිවන් සහ හදිසි සේවා කණ්ඩායම් පැමිණ පරීක්ෂා කළ විට, ගල් වල ප්‍රමාණය “foot ball එකකින් suitcase එකක් තරම්” වෙනස් වෙන බව නිලධාරීන් පවසා තිබේ.
එම කඳු බිත්තිය තවමත් අස්ථාවර තත්වයේ තිබීම නිසා,
තවත් ගල් වැටිය හැකි බවට සැක පළ කරමින් එම ප්‍රදේශය වටා ආරක්ෂක වැටකඩ (cordon) ද වැඩි කර ඇත.
🚧 මාර්ගය වසා දමයි , රථවාහන ගමනාගමනයට දැඩි බලපෑමක්….
සිද්ධියෙන් පසුව Auckland Transport විසින්
Tāmaki Drive හි කොටසක් වසා දමා, වාහන වෙනත් මාර්ගවලට හරවා යැවීමට සිදු විය.
• සමහර වෙලාවට එක් මාර්ගයකින් පමණක් ගමන් කිරීමට අවසර ලබාදී ඇත. (one way)
• නගරයට යන / නගරයෙන් එන වාහන වෙන වෙනම පාලනය කරයි.
• බස් සේවාද ප්‍රමාද වී ඇත.
මෙම මාර්ගය Auckland හි ඉතා වැදගත් සහ ජනප්‍රිය මුහුදු මාර්ගයක් වන නිසා, ගමනාගමනයට දැඩි බලපෑමක් ඇති විය.
🌧️ ගල් කඩා වැටීමට දැඩි කාලගුණය හේතුවක් විය හැක…
විශේෂඥයන් පවසන්නේ, අධික වැසි සහ සුළං හේතුවෙන්
කඳු බිත්තිය දුර්වල වී ගල් කැබලි පහළට වැටීම සිදුවී ඇති බවයි.
මෙම ප්‍රදේශයේ කඳු බිත්ති මුහුද අසල පිහිටා තිබීම නිසා
මෙවැනි සිදුවීම් මීට පෙරද වාර්තා වී තිබේ.
➡️ Auckland රියදුරන් ඉතා පරික්ෂාකාරි ලෙස තම වාහනය ධාවනය කරන්න. අත්‍යවශ්‍ය කාර්ණාවක් නොවේ නම් නිවසින් පිටතට නොයන්න. ලක්කිවි වෙතින් ආදරණීය මතක් කිරීමක්!

0 Comments