
ඔබ දන්නවාද? ඔබේ දෙමව්පියන් සමඟ වැඩි කාලයක් ගත කිරීමෙන් ඔවුන්ට දිගු ජීවිතයක් ලැබෙන බව.
අද නවීන ලෝකය ඉතා වේගයෙන් ඉදිරියට ඇදෙනවා.මොහොතක් නතර වෙලා හිතන්න අපි එකිනෙකාට වෙන්වූ වැඩ, ඉලක්ක, සහ ජීවිත සාර්ථකත්වය හඹා යන අතරේ, එක් වැදගත් දෙයක් අමතක කරනවා නේද?
ඒ අපේ දෙමව්පියන් සමඟ ගත කරන කාලය.
නමුත් විද්‍යාත්මක අධ්‍යයනයන් වල කියන්නේ, මේ පුංචි ක්‍රියාව ඔවුන්ගේ ජීවිත කාලය වඩාත් දිගු වීමට බොහෝ සෙයින් බලපානවා කියල.
❤️ සමීප සම්බන්ධතා සමගින් දිගු ජීවිතයක්….
විද්‍යාත්මක පර්යේෂණ වලින් හෙළිවෙලා තියෙන්නේ,
ශක්තිමත් සමාජ සම්බන්ධතා තියෙන මිනිසුන් වැඩි කාලයක් ජීවත්වනවා කියලා.
👉 දරුවන් සමග සමීප සම්බන්ධතා පවත්වන දෙමවුපියන් 50% කට වැඩි ප්‍රමාණයක් ජීවත්වීමේ අවස්ථාව තියෙනවා කියලා.
👉 හුදකලා නොවී, තනිව ජීවත්වෙන අයට
අකාලයේ සිදුවන ජීවිත අවදානම වැඩි වෙනවා.
😔 තනිවීම තුළ ඔබ නොහිතන විදියේ සැඟවුණු අවදානමක්….
වයස වැඩිවෙනකොට දෙමව්පියන්ගේ යහළුවන් සහ සමාජය ඔවුන්ගෙන් දුරස් වෙනවා. හිතන්න ඔබටත් ඔබේ පාසල් කාලයේ සිටි මිතුරන් අදටත් කතා කරනවද? හමුවෙනවද? කලාතුරකින් එහෙම වෙන්න පුළුවන්. ඒත් වයසින් වැඩි වෙනවාත් එක්කම අපේ රවුම ටිකෙන් ටික කුඩා වෙනවා. අන්තිමට අපිට ඉතුරු වෙන්නෙ අපේ පවුල විතරයි. ඒ නිසා තනිවීම, හුදකලාවීම වෙනදටත් වඩා වැඩිපුර දැනෙනවා.
මෙය අපි නොසිතන අනතුරු ජීවිතයට අරන් එනවා;
• හෘද රෝග අවදානම වැඩි කරනවා.
• මානසික අවපීඩනය (depression) ඇති කරනවා.
• ජීවිත කාලය කෙටි කරනවා.
👉 විද්‍යාත්මකව පෙන්වා දීලා තියෙන්නේ,
තනිවීම හරියට දුම්පානය කිරීම තරම් භයානක දෙයක් කියල.
🏡 කුඩා මොහොතක් වුවත් ඔවුන්ට ඉතා වැදගත්….
ඔවුන් සතුටින් තියන්න ඔබ ඔවුන් වෙනුවෙන් ඉන්නව කියල දැනෙන්න ඔබට ලොකු දේවල් කරන්න ඕන නැහැ.
පුංචි සරල දෙයකින් පවා විශාල බලපෑමක් ඇති කරන්න පුළුවන්.
✔ එකට කෑම ගන්න
✔ ටීවී බලන්න
✔ පුංචි ගමනක් යන්න
✔ සරල කතාබහක යෙදෙන්න
👉 මසකට එක් වතාවක් හරි මේ දේවල් කරන්න පුළුවන් නම්, ඔවුන්ගේ සෞඛ්‍යයට ඒකෙන් ලොකු වාසියක් තියෙනවා
💬 කාලය නොව, සම්බන්ධතාවයයි වැදගත්…..
වැදගත් වෙන්නේ ඔබ ගත කරන කාලයෙ ප්‍රමාණය නොවෙයි. ඔබේ ආදරය සහ ඔබේ අවධානයයි.
ශක්තිමත් පවුල් සම්බන්ධතා තුළින්;
• සතුට වැඩි කරනවා
• මානසික ආතතිය අඩු කරනවා
• මතක ශක්තියට උපකාර කරනවා
• වයසට යෑම මන්දගාමී කරනවා
❓ ඔබෙන් සරල ප්‍රශ්නයක් අහන්නම්…..
“ඔබ අවසන් වතාවට ඔබේ දෙමව්පියන්ව බලන්න ගියේ කවදද?”
මෙය සරල ප්‍රශ්නයක් වගේ පෙනෙයි,
නමුත් එයට ඔවුන්ගේ ජීවිතය වෙනස් කරන්න පුළුවන්.
👉 ඔබේ කාලය = ඔවුන්ගේ සතුට
👉 ඔබේ අවධානය = ඔවුන්ගේ සෞඛ්‍යය
👉 ඔබේ ආදරය = ඔවුන්ගේ දිගු ජීවිතය
🌟 අවසාන වශයෙන් මතක් කරන්නම්….
අපි හිතන්නේ දිගු ජීවිතයක් ලැබෙන්නේ බෙහෙත් සහ වෛද්‍ය තාක්ෂණයෙන් කියලා.
නමුත් අපි මෙතෙක් නොදත් සත්‍යය නම්:
💡 ආදරය, සම්බන්ධතාවය සහ එකට ගත කරන කාලය, මේ සියල්ල ජීවිතය දිගු කරන වටිනා “බෙහෙත්”.
👉 ඔබත් මේ දැන්ම පොඩි දෙයක් කරන්න:
📞 ඔවුන්ට කෝල් එකක් දෙන්න
🏡 පුළුවන් නම් බලන්න යන්න
❤️ ආදරෙන් කතා කරන්න
මතක තියාගන්න ඔවුන් වෙනුවෙන් ඔබට දිය හැකි වටිනාම තෑග්ග, ඔබේ කාලයයි….
ඔබ මේ ලිපියෙන් දෙයක් හිතට ගත්ත නම් ඔබේ සිතුවිල්ල ගැන කමෙන්ට් එකක් දාන්න. තව කෙනෙකුට ආදරය බෙදාගන්න මේ ලිපිය ශෙයාර් කරන්න. ආදරණීය ඔබට ස්තූතියි!

0 Comments