← BACKEnvironment

ගිරයට හසුවූ නවසීලන්තයේ හුදකලා ජීවිත!Oasis ගමේ පදිංචිකරුවන් දැඩි කණගාටුවෙන්.

BY DhanushPUBLISHED MARCH 28, 20261 MIN READ0 COMMENTS

නවසීලන්තයේ ඉතා නිස්කලංක, හරිත වටපිටාවක් සහිත රටක් බව අපි හැමෝම දන්නවා. ඒ නිස්කලංකබාවය ඉහළින්ම අගය කරපු ගම්මානයක් තමයි Oasis කියන්නෙ. නමුත් එහි පදිංචිකරුවන් මේ වනවිට විශාල සංවර්ධන සැලසුම් හේතුවෙන් අනාගතය ගැන බරපතළ අනාරක්ෂිත තත්ත්වයකට මුහුණ දෙමින් සිටිනවා.
නව ගුවන් තොටුපළ සංවර්ධනයක් සහ මහමාර්ගයක් ඉදිකිරීම යන දෙකම එකවර සිදුවීමෙන්, මෙම ප්‍රදේශය ජනතාව දෙපසින්ම පීඩනයට ලක්ව “මැදට සිරවූ” තත්වයකට පත්වී ඇති බවට ගම්වාසීන් චෝදනා කරනවා.

🌿 සන්සුන් පරිසරය නොසන්සුන් වෙයි….

මෙම ප්‍රදේශය දිගු කාලයක් පුරා සන්සුන් ජීවිතයක් සඳහා සුදුසු ස්ථානයක් ලෙසප්‍රසිද්ධියට පත්ව තිබුණි. පවුල් බොහෝමයක් මෙහි පදිංචි වුණේ නගරයේ කලබලයෙන් මිදී සාමකාමී ජීවිතයක් ගත කිරීමටය.

එහෙත්, නව සැලසුම් ක්‍රියාත්මක වුවහොත්, මේ පරිසරය මුළුමනින්ම වෙනස් විය හැකිය. ගුවන් යානා ගමන් වැඩිවීමත්, රථවාහන ගමනාගමනය ඉහළ යාමත් සමඟ ප්‍රදේශයේ නිස්කලංක බව නැතිවී යා හැකි බව පදිංචිකරුවන්ගේ අදහසයි.

😟 “මේක අපිට ලොකු කම්පනයක්” – පදිංචිකරුවන්ගේ කණගාටුව.

මෙම තත්වය ගැන පදිංචිකරුවන් දැඩි ලෙස කණගාටුවට පත්ව සිටිති. ඔවුන් කිහිප දෙනෙක් මෙය “හද කම්පා කරන දෙයක්” ලෙස විස්තර කරමින්, තම ජීවන තත්ත්වය සම්පූර්ණයෙන්ම බිඳ වැටෙනු ඇති බවට විශ්වාස කරයි.

‼️ඔවුන්ගේ ප්‍රධාන කණගාටුව වන්නේ:

👉🏻තම නිවසේ සන්සුන් පරිසරය නැතිවීම.
👉🏻දේපළ වටිනාකම් පහළ යාම.
👉🏻ශබ්ද හා වායු දූෂණය හේතුවෙන් සෞඛ්‍යයට බලපෑම් ඇතිවීම.
👉🏻අධික රථවාහන නිසා දරුවන්ගේ ආරක්ෂාවට අවදානමක් ඇතිවීම.

🏗️ සංවර්ධනය සහ ජනජීවිතය….

මෙම ව්‍යාපෘතිවල අරමුණ ලෙස බලධාරීන් පෙන්වා දෙන්නේ ආර්ථික සංවර්ධනය, ප්‍රවාහන පහසුකම් වර්ධනය සහ ප්‍රදේශීය දියුණුවයි.

එහෙත්, පදිංචිකරුවන් පවසන්නේ තමන්ගේ විරෝධය කිසිසේත්ම සැලකිල්ලට නොගත් බවයි.
ඔවුන් ඉල්ලා සිටින්නේ මේ වෙනුවෙන් වෙනත් විකල්ප සැලැසුමක් ක්‍රියාත්මක කරන ලෙසයි.

සංවර්ධනය වැදගත් වුවත්, එය ජනතාවගේ ජීවිතයට හානි නොවන ආකාරයෙන් සමතුලිතව සිදු විය යුතු බව මෙම සිද්ධිය මගින් පැහැදිලි කරයි.

නවසීලන්තයේ ඔබ සිටින පරිසරයත් නිස්කලංකයිද? ඒ සුන්දර නගරය ගැන අපිට කියන්න.

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *