
ලෝකයේ උසස් මට්ටමේ restaurant එකකට ගියාම ඔබට අහන්න ලැබෙන්න පුළුවන් ප්‍රසිද්ධ කතාවක් තියෙනවා.
“මේ මස් ලැබෙන්නේ බියර් බොන, මසාජ් ලබා දෙන, සංගීතයට සවන් දෙන ගවයන්ගෙන්” කියලා. ඒ මස් හදුන්වන විශේෂ නම තමයි kobe beef කියන්නෙ.
ඒ කතාව ඇහෙද්දි ටිකක් අමුතුයි වගේ නේද, අපි හොයල බලමු මේ කතාවේ සත්‍යතාවය මොකද්ද, ඇත්තටම එහෙම ගවයන් ඉන්නවද කියල.
එතකොට වග්යු (wagyu) කියන්නේ මොනවාද?
“Wagyu” කියන්නේ සරලවම “ජපාන ගවයන්” කියන අර්ථය.
මෙහි ප්‍රධාන වර්ග 4ක් ඇතුළත් වෙනවා:
• Japanese Black
• Japanese Brown
• Japanese Poll
• Japanese Shorthorn
ඒ අතරිනුත්, විශේෂ තත්ත්වයන් සපුරාලන Tajima-gyu ගවයන්ගෙන් ලැබෙන මස් පමණක් “Kobe beef” කියලා හඳුන්වනවා. ඒ කියන්නෙ මේක විශේෂ ගවයන්ගෙනුත් විශේෂ වන මස් ජාතියක්.
අවුරුද්දකට Kobe beef ලෙස සහතික කරන්නේ ගවයන් 3,000ක් පමණයි!
ඒක ජපානයේ මුළු මස් පරිභෝජනයෙන් 0.06%ක් විතරයි!
වග්යු ගවයන්ගේ මස් විශේෂ වෙන්නේ ඇයි?
මෙහි රහස තියෙන්නේ ජානමය ලක්ෂණ (genetics) වල.
වග්යු ගවයන්ගේ මස් ඇතුළතම “fat marbling” කියන සුළු තෙල් තට්ටු පිරිලා තියෙනවා.
මේ නිසා මස් ඉතාම මෘදු, රසවත්, සහ මුඛයේ දියවෙනවා වගේ දැනෙනවා.
Kobe beef ගැන ප්‍රසිද්ධ මිථ්‍යාවන් 3ක් තියනවා. ඒවගේ සත්‍ය අසත්‍යතාවය අපි දැන් කතා කරමු.
1. ගවයන්ට බියර් බොන්න දෙනවාද?
කතාව තියෙන්නෙ ගවයන්ට බියර් දීලා ඔවුන්ට බර වැඩි කරලා රස වැඩි කරනවා කියලයි.
නමුත් ඇත්ත:
• අතීතයේ ගොවියෝ උණුසුම් කාලවල ගවයන්ට කෑම රුචිය ඇති කරන්න බියර් දීපු අවස්ථා තියෙනවා.
• නමුත් ඒක ඉතා දුර්ලභයි.
• අද කාලයේ සිටින ගොවියෝ නම් බියර් දෙන්නේ නෑ.
සත්‍යය:
කාලෙකදී “beer/sake lees” (බියර්/සකේ වල ඉතිරි ද්‍රව්‍ය) ගවයන්ගේ ආහාරයක් විදිහට භාවිතා කරනවා.
එයින් මස් වල රසයට සුළු වෙනසක් ලබාදෙනවා.
2. ගවයන්ව මසාජ් කරනවාද?
කතාව තියෙන්නෙ ගවයන්ව දිනපතා සම්බාහනය කරල මස් මෘදු කරනවා.
නමුත් ඇත්ත:
• සමහර ගොවියෝ ශීත කාලයේදී ගවයන්ට වැලදෙන අසනීප වලක්වන්න සම්බාහනය කරනවා.
• නමුත් ඒක සාමාන්‍ය ක්‍රමයක් නෙවෙයි.
සත්‍යය:
ගවයන්ගේ මෘදු බව එන්නේ fat marbling නිසා මිසක් මසාජ් නිසා නෙවෙයි.
3. සංගීතය අහන ගවයන් ඉන්නවද?
කතාව තියෙන්නෙ ගවයන්ට classical music අහන්න දීලා ඔවුන් සන්සුන් කරලා මස් වල රස වැඩි කරනවා කියල.
නමුත් ඇත්ත:
• සමහර ගොවියෝ ගවයන්ට ඇහෙන්න සංගීතය දාන්නේ ඔවුන්ට සන්සුන් වාතාවරණයක් හදන්න.
• නමුත් ඒක මස් වල ගුණාත්මකභාවයට බලපාන බවට සාක්ෂි නැහැ.
මේ කතා හදුනාගත්තේ කොහොමද?
මෙම කතා ආරම්භ වෙලා තියෙන්නේ
කුඩා ගොවිපලවල තිබුණු විශේෂ ක්‍රම වලින්
ඒවා කාලයත් සමඟ “ලොකු කතා” බවට පත් වෙලා
Restaurant ලෝකයට නම් මේ කතා වැදගත්. මොකද ඒකෙන් මස් වලට “luxury feel” එකක් ලැබෙනවා!
ඇත්තටම වග්යු හොඳ වෙන්නේ කොහොමද?
සැබෑ රහස දැනගනිමු….
සන්සුන් සහ පිරිසිදු පරිසරයක්
නිවැරදි ආහාර පාලනයක්
ගවයන්ගේ ස්වභාවයට ගැලපෙන රැකවරණයක්
අඩු ව්‍යායාම (marbling වැඩි වෙනවා) ප්‍රමාණයක්
පරම්පරා ගණනක් පැවති selective breeding එකක් තිබීම තමයි මෙහි තිබෙන සුවිශේෂී රහස.
ජපානයේ grading system එකෙන් A5 කියන්නේ ඉහළම තත්ත්වය.මේ මස් අයිති වෙන්නෙත් මේ කියන කාණ්ඩයට.
Kobe beef එකකට unique ID number එකක් දෙනවා. ඒකෙන් මස් ලබාගත් ගවයා දක්වාම trace කරන්න පුළුවන්!
අවසාන වශයෙන් ඔබට මතක් කරන්නේ…
බියර් බොන, මසාජ් ගන්න, Beethoven ගෙ සංගීතය අහන ගවයෙක් ගැන කතාව හරි අමුතුයි වගේම ලස්සනයි. ![]()
නමුත්… ඒක වැඩි දුරට ගෙනියන marketing story එකක්.
ඇත්ත වශයෙන් වග්යු කියන්නේ:
විද්‍යාත්මකව සැලසුම් කළ, ඉතා සැලකිල්ලෙන් ඇති කරන., ලෝකයේ අතිශය විශේෂ මස් වර්ගයක්.
ඊළඟ වතාවේ Wagyu කෑවොත්…
ඒක enjoy කරන්න!
කතාව ගැන නෙමෙයි, ඇත්ත ගුණාත්මකභාවය ගැන විතරක් හිතන්න.
සූපවේදී ක්ෂේත්‍රයේ සිටින බොහෝ දෙනෙක් මේ විශේෂ මස් වර්ගය ගැන දන්නවා. ඉතින් Kobe beef ගැන ඔබ මීටත් වඩා තොරතුරු දන්නව නම් පහළින් comment කරන්න.

0 Comments