
මාර්තු 19 දින ටෙලංගනා ප්‍රාන්තයේ රජය තෙළිඟු සිනමාව වෙනුවෙන් සංවිධානය කරන Telangana Gaddar Film Awards (TGFA) පැවැත්වුණා. එහිදී Rashmika Mandanna වසරේ විශිෂ්ටතම නිළිය සම්මානය ලබාගැනීමට සමත් වුනා. ඒ The Girlfriend හි ඇය ඉදිරිපත් කළ අති දක්ෂ රංගනය වෙනුවෙන්.
ඇය සම්මාන උළෙලට පැමිණියේ ඇයගේ අලුත් නැන්දම්මත් එක්ක. ඇය Madhavi Deverakonda එනම් Vijay Deverakonda ගෙ මව.
පසුගියදිනවල ටෙලංගනා ප්‍රාන්ත සමාජ මාධ්‍ය ගොඩක ප්‍රධාන මාතෘකාව වුණේ ඇය. ඒ කියන්නෙ රශ්මිකාගෙ නැන්දම්මා…
Audience එකට යන නිවේදිකාව එහි සිටි අයගෙන් විවිධ ප්‍රශ්න ඇසුවා. ඇයගෙන් අහන්නෙ එදා මෙදා තුර බලපු කැමතිම චිත්‍රපට මොනවද කියලා. එහිදී 80,90,2000 දශකවල චිත්‍රපට කිහිපයක් ගැන මතක් කරන ඇය මෑත කාලයේ බලපු චිත්‍රපටය ලෙස,
“මගේ රශිගෙ The Girlfriend” යැයි පවසනවා.
Rashmika සම්මානය අතට ගනිද්දී මාධවී තුළ ඇතිවුණේ මවකගේ හැඟීමක්. ඒ විතරක් නෙමෙයි Rashmika කතා කරද්දී ඇගේ නෙත් කඳුලින් තෙත් වුණේ ඇයටත් නොදැනිමයි.
අවසානයේ රශ්මිකා ඇයගෙ පැත්තට සම්මානය දිගුකර “මං ඒක ගත්තා…. අපි හවසට පාටියක් දාමු” කියද්දි මාධවී කඳුලු පිසදමමින් Audience එකේ ඉදගෙනම Flying Kiss එකක් දුන්නා.
මේ ආදරණීය නැන්දම්මා – ලේලි බැඳීම එතන හිටිය කාටත් ගෙනාවේ ප්රහර්ෂයක්.
ඔයාටත් අම්මා වගේම ආදරේ බෙදන නැන්දම්ම කෙනෙක් ඉන්නවද?

0 Comments