← BACKEconomy

විදෙස් සේවකයන්ගේ කර මත පැටවුනු,නවසීලන්ත බදු ආදායම…

BY DhanushPUBLISHED APRIL 4, 20261 MIN READ0 COMMENTS

ලෝකයේ විවිධ රටවල් වලින් ඉගෙනීමට, රැකියාවට සහ ස්ථිර පදිංචියට නවසීලන්තයට පැමිණෙන පිරිස ආසන්න වශයෙන් වසරකට 30000ක් පමණ වෙනවා.

මේ වන විට හෙළිවී තිබෙන නවතම තොරතුරු වලට අනුව නවසීලන්තයේ බදු ආදායම ස්ථාවරව පවත්වා ගැනීමට විදෙස් සේවකයන් (migrants), වැඩි වශයෙන් දායක වීමේ ප්‍රවණතාවයක් පැහැදිලිවම පෙනේ. මෙය ආර්ථිකයට සහ අනාගතයට බලපාන ආකාරය ගැන රට තුළ දැඩි විවාදයක් ඇතිවී තිබේ.

විදෙස් රටවලින් නවසීලන්තයට පැමිණෙන බහුතරයක් වැඩකරන වයසේ පුද්ගලයන්. එබැවින් ඔවුන් රැකියා වල නියුතු වී ආදායම් බදු ගෙවීම තුළින් රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් ලබාදෙන බව හැමෝම දන්න කාරණාවක්.

ඒ වගේම අනිත් වැදගත් කාරණය නම් නවසීලන්තයේ ජනගහනය වයස්ගත වෙමින් පවතින අතර, ඔවුන්ගේ නව තරුණ සේවකයන්ගේ ප්‍රමාණය ක්‍රමක්‍රමයෙන් මන්දගාමී වීමයි. මේ හේතුවෙන් වර්තමානයේ රටේ ආර්ථිකය පවත්වාගෙන යාමට විදෙස් සේවකයන් අත්‍යවශ්‍ය වී ඇත.

මේ තත්වයට තවත් හේතු කිහිපයක් පවතී:

👉🏻රටේ ජනගහනය වයස්ගත වීම
👉🏻තරුණයන් විදේශගත වීම
👉🏻රැකියා හිඟය පිරවීමට අවශ්‍ය වීම
👉🏻කාර්යබහුල ක්ෂේත්‍ර (රෝහල්, ඉදිකිරීම් වැනි) සඳහා ඇති සේවක අවශ්‍යතාව.

මෙම හේතු නිසා විදේශීය සේවකයන්ගේ අවශ්‍යතාවය වගේම රටේ බදු ආදායම පවත්වා ගැනීමට ඔවුන් දක්වන දායකත්වයද වැඩි වෙමින් පවතියි.

⚠️ මෙය ගැටළුවක්ද?

ආර්ථික විශේෂඥයන්ට අනුව, මෙය සම්පූර්ණයෙන්ම නරක දෙයක් නොවෙයි. නමුත් වැඩිවශයෙන් විදෙස් සේවකයන් මත රඳා සිටීම අනාගතයේ ගැටලු ඇති කළ හැකිය.

විදේශීය සේවකයන් මත වැඩිවශයෙන් රඳා සිටීමෙන්, රටේ ආර්ථිකය විදේශීය තත්ත්වයන්ට අධික ලෙස බලපෑමට ලක් විය හැක. උදාහරණයක් ලෙස:

👉🏻විදේස් රටවල සිදුවන ආර්ථික පරිවර්තන
👉🏻ප්‍රවේශ නීති වෙනස් වීම
👉🏻දක්ෂ සේවකයන් සඳහා ලෝකයේ ඇති තරඟය

ඒවගේම, නිවාස හිඟය සහ පහසුකම් මත පීඩනයක් ඇතිවීම, ඊට අමතරව සමාජ ගැටලු වැනි දේශීය ගැටලු ද ඉදිරියේදී මතුවිය හැක.

විශේෂඥයන් වැඩිදුරටත් පවසන්නේ, විදේශීය සේවකයන් රටට උපකාරී වුවත්, එය තිරසාර ආර්ථිකයකට දිගුකාලීන විසඳුමක් නොවන බවයි.

රටේම ජනතාවගේ නිපුණතා වර්ධනය කිරීම, තාක්ෂණය හා නිෂ්පාදන වැඩිදියුණු කිරීම, තරුණයන් රට තුළ තබා ගැනීම වැනි ක්‍රියාමාර්ග තුළින් තත්වය පාලනය කළ හැකි බව ඔවුන්ගේ අදහසයි.

එබැවින්, රටට අවශ්‍ය වන්නේ විදේශීය සේවකයන් සහ දේශීය සංවර්ධනය අතර සමානුපාතික සහ සමබර ප්‍රතිපත්තියකි.

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *