
නවසීලන්තය මේ දිනවල නැවතත් අයහපත් කාලගුණ තත්ත්වයකට මුහුණදීමට සූදානම් වෙමින් පවතියි. ටස්මන් මුහුදෙන් පැමිණෙන උපනිවර්තන අවපීඩන පද්ධතියක් (subtropical low) ඉක්මනින් රටට බලපෑම් එල්ලකරන බවට met service අනතුරු අගවයි. තවද ෆිජි ආසන්නයෙන් ගමන් කරන ට්‍රොපිකල් සයික්ලෝන් Vaianu ද මේ වනවිට දකුණට ගමන් කරමින් පවතී. මෙය නවසීලන්තයට දිගු කාලීනව බලපෑම් ඇති කළ හැකි බවට අනතුරු ඇඟවීමක්ද නිකුත් වී ඇත.
🌧️ පළමු අනතුර: උප-ට්‍රොපිකල් පද්ධතියෙන් දැඩි වැසි ඇතිවීම.
කාලගුණ විද්‍යාඥයන් පවසන ආකාරයට, මෙම පද්ධතිය මුලින්ම රට තුළ වැසි සහ සුළං තත්වයක් නිර්මාණය කරයි. විශේෂයෙන් Northland ප්‍රදේශයට දැඩි වැසි අනතුරු ඇඟවීම් (orange warning) දැනටමත් නිකුත් කර ඇත.
මෙම තත්ත්වය යටතේ:
• පැය කිහිපයකින්ම විශාල වර්ෂාපතනයක් ඇතිවිය හැක.
• පැයකට 25–40mm දක්වා වැසි ඇදහැලිය හැක.
• හදිසි ජලගැලීම් (flash floods) සහ පස් කඩා වැටීම් (landslides) ඇතිවීමේ අවදානම ඉහළයි.
Auckland, Coromandel, Bay of Plenty වැනි ප්‍රදේශවලටත් මේ තත්වයෙන් බලපෑම් එල්ල වන බව කියයි. එමෙන්ම, දැඩි සුළං ඇතිවිය හැකි නිසා ගමනාගමන අනතුරුදායක විය හැකිය.
🌀 “Vaianu” සයික්ලෝනය සතියන්තයේදී නවසීලන්තයට ළගාවෙයි.
දැනට ෆිජි අසල ක්‍රියාත්මක වන Cyclone Vaianu ද මේ වනවිට දැඩි අවධානයට ලක්වී ඇත. මෙය දැනට Category 2 මට්ටමේ සයික්ලෝනයක් ලෙස හඳුනාගෙන තිබේ.
මෙය:
• සතියේ අග භාගයේ දකුණට ගමන් කරයි.
• ට්‍රොපිකල් ප්‍රදේශයෙන් පිටවී නවසීලන්තයට ආසන්න වෙයි.
• දුර්වල වුවත් වැසි සහ සුළං බලපෑම් ඇති කළ හැක.
විශේෂඥයන් පවසන්නේ, මෙය කෙතරම් බලපෑම් එල්ල කරයිද යන්න තවමත් නිශ්චිතවම කියන්න බැහැ කියලා.
⚠️ මේ හේතුවෙන් රට පුරා ඇතිවිය හැකි අනතුරු…
මෙම කාලගුණ පද්ධති දෙක එකට එකතු වීමෙන්, නවසීලන්තයට දින කිහිපයක් පුරා අයහපත් කාලගුණයක් ඇතිවිය හැක.
විශේෂ අවදානම්:
• 🌊 පහළ ප්‍රදේශවල ජලගැලීම්
• 🏔️ පස් කඩා වැටීම් (landslides)
• 🚗 ගමන් බාධා සහ අනතුරු
• 🌬️ ශක්තිමත් සුළං හා වෙරළබඩ ප්‍රදේශවලට බලපෑම්
දැනටමත් පැමිණෙන උප-ට්‍රොපිකල් පද්ධතියෙන් තත්ත්වය බරපතල වී තිබෙන පසුබිමක, “Vaianu” සයික්ලෝනයත් එක්ක ඉදිරියට නවසීලන්තය කාළගුණයෙන් තවත් අභියෝග එල්ලවෙයි.
ඒ නිසා, නවසීලන්ත ජනතාව නිල කාලගුණ නිවේදන අනුගමනය කරමින්, අයහපත් තත්වයට සූදානම් වීම ඉතාමත් වැදගත් වන බව ලක්කිවි අපි මතක් කරනවා.

0 Comments