← BACKEntertainment

ඔබ ඉන්දියාවෙ ඉපදෙන්න හිටපු කෙනෙක්. ඔබට ලංකාව පොඩි වැඩියි. යුගයෙන් යුගයට නොමියෙන හඩ ජෝති!

BY DhanushPUBLISHED APRIL 7, 20261 MIN READ0 COMMENTS

H. R. Jothipala කියන්නේ අපේ රටේ සංගීත ඉතිහාසයේ අමතක කරන්න බැරි අමරණීය නාමයක්, හඩක් වගේම ආදරණීය මතකයක්. ඔහුගේ ජීවිත කතාව තුළ තියෙන්නෙ සාර්ථකත්වයක් ගැන පමණක් නොවෙයි. එය දුක, අසාර්ථකත්වය, ප්‍රතික්ෂේපවීම සහ නැවත නැගිටීම ගැන කියවෙන දුෂ්කර කතාවක්.

සරල පවුල් පසුබිමකින් පැමිණි ජෝතිපාලයන්ට උපතින්ම දුක සතුට සහ ආදරය යන සියළු හැගීම් එකට ප්‍රකාශ කරන්න පුළුවන් විදියෙ අරුම පුදුම හඩක් තිබුනා. නමුත් මුල් කාලයේ ඔහුට අත්විදින්න ලැබුනේ බාධා විතරමයි.

වරක් ඔහුට විදෙස් චිත්‍රපටයක පසුබිම් ගායනයට ආරාධනාවක් ලැබෙනවා. නමුත් අවසනාවක තරම කියන්නෙ ඔහුට පාස්පෝර්ට් එකක් නොමැති වීමෙන් ලැබුන ප්‍රථම වටිනා අවස්ථාව අහිමි වෙනවා. ඉන් පසු නොයෙක් අවස්ථාවන් වලදී අධ්‍යක්ෂවරුන් විසින් ඔහුගේ හඬ ප්‍රතික්ෂේප කිරීම, ගායනා කළ ගීත වෙනත් ගායකයෙකු ලබාදීම වැනි ගැටලු රාශියකට මුහුණ දෙන්න වෙනවා. මේ හැමදේම ඔහුගේ හදවත ටිකෙන් ටික බිඳ දැමුවා.

එක් අවස්ථාවක ඔහු සංගීත ජීවිතයෙන් ඈත් වෙලා හිටියා. නමුත් ජීවිතය ඔහුට තවත් අවස්ථාවක් ලබාදුන්නා. ඒ 1956දී “Surathalee” චිත්‍රපටය ඔහුගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය බවට පත් කරමින්. එදා පටන් ඔහුගේ ගමන නවත්වන්න කිසිවෙකුට නොහැකි වුණා.

වරක් ජෝතිට ලෝකප්‍රසිද්ධ හින්දි ගායකයෙක් වන Mohammed Rafi මහතා මුණගැසුණු වෙලාවේ ඔහු පුදුමයට පත් වුණා කියලා කියනවා. ජෝතිගේ හඬ ඇහුම්කන් දුන් රාෆි මහතා කියපු වචන අදටත් ප්‍රසිද්ධයි.

“ඔබ ඉන්දියාවේ උපත ලැබිය යුතු කෙනෙක්. ඔබේ මේ මහා දක්ෂතාවයට ශ්‍රී ලංකාව වගේ කුඩා රටක් මදි.”

මෙම කතාවෙන් පැහැදිලි වන එක දෙයක්
තමයි ජෝතිගෙ හඬට ලෝකයම දිනන්න පුළුවන් තරමේ හැකියාවක් තිබුන කියන එක.

ඒ විතරක් නෙමෙයි ජෝතිට තිබුනා ඕනෑම නළුවෙකුට ගැළපෙන විදියෙ “මැජික්” හඬක්…..

ජෝතිපාලයන්ගේ මේ අතිශය විරල හැකියාවෙන් ඔහුට පුළුවන් වුණා තමන්ගේ හඬ තිරයේ ඉන්න නළුවාට ගැළපෙන විදිහට වෙනස් කරන්න.
• Gamini Fonseka වෙනුවෙන් ගායනා කරද්දී ඒක ගාමිණීගේම හඬ වගේ දැනෙනවා
• Vijaya Kumaratunga වෙනුවෙන් ගායනා කරද්දී ඒක විජයගේම හඬ වගේ දැනෙනවා

මේ “හඬ හැසිරවීමේ කලාව” නිසාම ඔහු වෙනස් වුණා. ඒ කාලයේ විද්වතුන් පවා මේ හැකියාව දැකලා මවිත වුණා.

රාෆි – ජෝතිගේ වීරයා වෙද්දි , ජෝති – රාෆිගේ ගෞරවය වුනා…

ජෝතිපාලයන්ගේ ගායන දිවියේ විශාල බලපෑමක් කරපු කෙනා වුණේ Mohammed Rafi. ඔහු රාෆිව තමන්ගේ ගුරුවරයෙක් වගේ සලකලා, ඔහුගේ ගීතවලින්, ගායන ශෛලයෙන් ජෝතිට ගන්න පුළුවන් දේවල් ඉගෙනගත්තා.

ජෝති ගායනා කළ ගීත බොහොමයක් හින්දි තනු ආශ්‍රිතව නිර්මාණය වුණත්, ඔහු ඒවාට දුන්න ජීවය අතිවිශේෂයි. ඇතැම් වෙලාවට මුල් හින්දි ගීතයට වඩා, ජෝතිගේ සිංහල ගීතය ජනතාව අතර වැඩියෙන් ජනප්‍රිය වුණා.

හින්දි තනුවට පණ දුන් හෙළ හඬ….

ජෝතිගේ හඬේ තිබුණේ අමුතුම “ප්‍රාණයක්”. ඒ නිසාම:
• සරල ගීතයක් වුණත් අමරණීය වුණා
• ආදර ගීත හදවතට තදින් දැනුණා
• වියෝ ගීත අසන්නාව සංවේදී කළා

ඒ හඬට අදටත් තියෙන ආකර්ෂණය බිදක්වත් අඩු වෙලා නැහැ.

ඇත්තටම බැලුවොත්, ජෝතිපාලයන් කියන්නේ ශ්‍රී ලංකාවට පමණක් සීමා වෙලා ඉන්න ඕන කෙනෙක් නෙවෙයි. ඔහුගේ හඬට තිබුණේ සීමා මායිම් නැති බලයක්.

ඔබටත් එහෙම දැනිල තියෙනවද?
ජෝතිගේ ගීතයක් ඇහෙද්දී… රාෆිටත් වඩා හදවතට ළගයි කියලා…

ඒක තමයි ජෝතිගේ ඇත්තම “මැජික්” එක. 🎶

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *