← BACKCrime

අවසන් කටයුතු වලට පැමිණි පිරිස පොලිසියෙන් කටයුතු අවසන් කරයි!

BY DhanushPUBLISHED APRIL 8, 20261 MIN READ0 COMMENTS

නවසීලන්තයේ Manawatu ප්‍රදේශයේ, 19 හැවිරිදි ලෙවි මැක්ඉල්රෝයි නම් තරුණයාගේ අවසන් කටයුතු ඊයේ දිනයේ යෙදී තිබුනා. ඉන් පසු, ඔහුට ගෞරව දැක්වීම පිණිස “බෝයි රේසර්” නම් වාහන රසිකයන්ගේ විශාල එකතුවක් සංවිධානය වී තිබූ අතර මේ සදහා නවසීලන්තයෙන් පමණක් නොව, විදේශයන්ගෙන්ද බොහෝ දෙනා සහභාගි වී තිබුනා. එය මුලින්ම සැලසුම් කර තිබුණේ ඔහුගේ මිතුරන්ට සහ පවුලට සහය පළ කිරීමටයි.

ලෙවිගේ පවුලේ සාමාජිකයින්ද මෙම අවස්ථාවට එක්වූ අතර, ලැබුණු සහයෝගය ගැන ඔවුන් ස්තුතිය පළ කළා.

කෙසේ වෙතත්, රාත්‍රියේ උදාවනවාත් සමඟ මෙම එකතුව අසහනකාරී තත්ත්වයකට පෙරළුනා. නවසීලන්ත පොලීසිය පවසන්නේ, සමහර පිරිස් අනීතික සහ ආරක්ෂිත නොවන හැසිරීම් වල නිරත වූ අතර, පොලිස් නිලධාරීන් වෙතටද නොයෙක් දේ විසිකරමින් පහර දුන් බවයි.

මේ හේතුවෙන් පොලිසිය දැඩි ක්‍රියාමාර්ග ගනිමින් තත්ත්වය පාලනය කිරීමට ක්‍රියා කළා.

මෙම සිද්ධිය අතරතුර පොලිසිය විසින් පියවර ගත් අතර:

👉🏻පුද්ගලයන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
👉🏻වාහන කිහිපයක්ද පොලිස් භාරයට ගෙන ඇත.
👉🏻නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් දඩ නිකුත් කර ඇත.

පොලිසිය අවධාරණය කරන්නේ, මහජන ආරක්ෂාවට තර්ජනයක් වන හැසිරීම් සම්බන්ධයෙන් “ශූන්‍ය සහන” ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවයි.

ලෙවිගේ පියා පැවසුවේ, පොලිසියට එරෙහිව සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියා ඔහු අනුමත නොකරන බවයි. ඔහු තවදුරටත් පෙන්වා දුන්නේ, මෙම එකතුවේ බොහෝ දෙනා හොඳ අරමුණක් ඇතිව පැමිණ ඇති බවත්, කිහිප දෙනෙකුගේ ක්‍රියාවන් මත මුළු ප්‍රජාවම විවේචනය නොකළ යුතු බවත්ය.

තවද, ලෙවි ජීවිතයේ අවසානයේදී ශරීරයේ අවයව දන්දීමට (organ donor) තීරණය කිරීම මඟින් අනෙකුත් ජීවිත රැසක්ද බේරාගැනීමට දායක වූ බවත් ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *