← BACKWeather

සතියන්තයේ සුළි කුණාටුවට සූදානම් වන ලෙසට නවසීලන්ත අගමැති ජනතාවගෙන් ඉල්ලයි! 🌪️⛈️

BY Dhanush•PUBLISHED APRIL 8, 2026•1 MIN READ•0 COMMENTS

මෙම සති අන්තයේ සුළි කුණාටුවක් රට තුළට පැමිණීමට “වැඩි වශයෙන් ඉඩ ඇති” බැවින් ඒ සදහා සූදානම් වන ලෙස අගමැති ක්‍රිස්ටෝපර් ලක්සන් නවසීලන්ත වැසියන්ට අනතුරු අඟවා තිබේ.

ෆීජි කාලගුණ විද්‍යා සේවය සඳුදා නම් කළ දරුණු නිවර්තන සුළි කුණාටුව ෆීජි හි බටහිර දෙසින් පිහිටා ඇති අතර එය
පැයට කිලෝමීටර 150 ඉක්මවන තත්වයටකට ළගාවී ඇත.

සුළි කුණාටුව දකුණු දෙසට ගමන් කරන බවත් ඉරිදා රටේ සමහර ප්‍රදේශවලට තද සුළං, තද වැසි සහ විශාල රළ පහරවල් ඇතිවීමේ හැකියාව ඇති කරන බවත් පුරෝකථනය කර ඇත.

මේ පිළිබද අදහස් දක්වමින් නවසීලන්ත අගමැති ලක්සන් මහතා පැවසුවේ සුළි කුණාටුව “ඉතා බරපතල හා හානිදායක කාලගුණික සිදුවීමක්” බවට පත්වෙමින් පවතින බවත්, ජනතාව ඒ සදහා දැන්ම සූදානම් විය යුතු බවත්ය.

කුණාටුව පැමිණීමට පෙරද, වෙනම කාලගුණ පද්ධතියක් හේතුවෙන් උතුරු දූපතේ ප්‍රදේශ කිහිපයකට දැඩි වැසි පවතිනවා. නෝර්ත්ලන්ඩ්, ඔක්ලන්ඩ්, වයිකාටෝ සහ බේ ඔෆ් ප්ලෙන්ටි වැනි ප්‍රදේශ සඳහා මහවැසි අනතුරු ඇඟවීම් මේ වනවිටත් නිකුත් කර තිබේ.

සමහර ප්‍රදේශවලට මිලිමීටර් 100කට අධික වැසි ලැබිය හැකි බවද පුරෝකථනය කර තිබෙන අතර, හදිසි ගංවතුර සහ මාර්ග අවහිරවීම් වාර්තා වෙමින් පවතිනවා.

මෙම කාලගුණ තත්ත්වය හේතුවෙන් මුහුදු රළ ඉහළ යාම හා තද සුළං ඇතිවිය හැකි බැවින් වෙරළබඩ ප්‍රදේශවල ජනතාවට විශේෂ අවධානයෙන් සිටින ලෙසට උපදෙස් දී ඇත. මෙය වෙරළ කඩා වැටීම් සහ භූමි ඛාදනයට ද හේතු විය හැක.

මෙම තත්ත්වය නවසීලන්තයට තවත් දැඩි කාලගුණ අභියෝගයක් බවට පත්විය හැකි අතර, ඉදිරි දින කිහිපය ඉතා වැදගත් වේ. නිවැරදි තොරතුරු ලබාගෙන, ආරක්ෂිතව සිටීම මේ අවස්ථාවේ අතිශයින්ම වැදගත් බව බලධාරින් වැඩිදුරටත් අවධාරණය කරයි.

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *