
🔹 උතුරු දිවයිනේ විදුලිය විසන්ධි වීමේ තත්ත්වය තවත් උග්‍ර වෙයි.
නවසීලන්තයේ Northland ප්‍රදේශයෙන් Cyclone Vaianu හේතුවෙන් පළමු විශාල විදුලි කප්පාදුව වාර්තා වී තිබේ. මෙම තත්ත්වය හේතුවෙන් දිවයිනේ දෙපසම පිහිටි නිවාස 1400කට වැඩි ගණනක් මේ වන විට විදුලි සැපයුමෙන් වෙන්වී ඇත.
මෙම සිදුවීම, සයික්ලෝනය ක්‍රමයෙන් බලවත් වෙමින් ඉදිරියට ගමන් කිරීමත් සමඟ ඇතිවූ දැඩි සුළං හේතුවෙන් සිදු වී ඇති බවට සැක කෙරේ. තද සුළං හේතුවෙන් ගස් කොටස් හා අතු කඩා වැටීමෙන් විදුලි රැහැන් වලට හානි සිදුවීමත් සමඟ මෙම විසන්දිවීම ඇතිවී තිබේ.
North Island පුරා පිහිටි පළාත් පාලන ආයතන මේ පිළිබඳ පෙරදැනුම් දී තිබූ අතර, අයහපත් කාලගුණ තත්ත්වයන් හේතුවෙන් විදුලි සැපයුම බිඳවැටීම් සිදුවිය හැකි බවට ජනතාවට අනතුරු ඇඟවීම්ද නිකුත් කර තිබුණි.
👉 ජනතාවට උපදෙස් දෙනු ලබන්නේ, තද සුළං සහ අයහපත් කාලගුණය අතර ආරක්ෂාව පිළිබඳ වැඩි අවධානයක් යොමු කරමින්, අවශ්‍ය නොවන විදුලි උපකරණ භාවිතය වැළකී සිටින ලෙසයි.

0 Comments