
🔹 තද සුළං සහ වැසි මධ්‍යයේ ජනතාවට ආරක්ෂිත නවාතැන්
නවසීලන්තයේ Auckland ප්‍රදේශයේ පවතින අයහපත් කාලගුණ තත්ත්වයන් හේතුවෙන් හදිසි නවාතැන් අවශ්‍ය වන ජනතාව සඳහා Civil Defence මධ්‍යස්ථාන 5ක් අද ඊයේ රාත්‍රී 9යේ සිට විවෘත කර තිබේ.
මෙම වැඩසටහන ක්‍රියාත්මක කර ඇත්තේ Auckland Emergency Management විසිනි. එහි කාර්යභාර නිලධාරි Sarah Le Claire ප්‍රකාශ කළේ, “අද රාත්‍රියේ තද සුළං සහ දැඩි වැසි අපේක්ෂා කරන නිසා, අවශ්‍යතාවයක් ඇතිවිය හැකි ජනතාවට ආරක්ෂිත ස්ථාන සූදානම් කර ඇත” යනුවෙනි.
ඇය තවදුරටත් සඳහන් කළේ අවශ්‍ය නම් වෙනත් ස්ථානද විවෘත කිරීමට සූදානම් බවයි. මෙම මධ්‍යස්ථාන සියල්ලම රෝද පුටු භාවිතා කරන අය සඳහා පහසුකම් සහිත වන අතර, සීමිත ප්‍රමාණයේ සුරතල් සත්වයන් (pets) සඳහාද ඉඩ ලබා දී ඇත.
📍 Civil Defence මධ්‍යස්ථාන ස්ථාන වන්නේ….
🏝️ Ostend Hall – Belgium Street, Ostend, Waiheke Island
🏢 Wellsford Community Centre – 1 Matheson Road, Wellsford
🏫 Shoesmith Hall – Shoesmith Street & Brown Road, Warkworth
🏛️ Helensville War Memorial Hall – 2 Porter Crescent, Helensville
🏙️ Ellen Melville Centre – 2 Freyberg Place, Auckland Central
👉 බලධාරීන් ජනතාවට උපදෙස් දෙන්නේ, අවශ්‍ය නම් මෙම ආරක්ෂිත මධ්‍යස්ථාන වෙත ගොස් තමන් සහ පවුලේ සාමාජිකයන්ගේ ආරක්ෂාව තහවුරු කරගන්නා ලෙසයි.

0 Comments