
නවසීලන්තයේ Auckland ප්‍රදේශයේ විවිධ ස්ථානවල විදුලි කප්පාදු සිදුවන බව වාර්තා වෙයි. විශේෂයෙන්ම උතුරු ඔක්ලන්ඩ්, බටහිර වෙරළ ප්‍රදේශ සහ Waiheke Island දූපත තුළ මෙම ගැටලු දැඩිව දක්නට ලැබේ.
විදුලි සැපයුම් සමාගම වන Vector Power සදහන් කරන පරිදි, මෙම කප්පාදු තත්ත්වය පුළුල්ව පැතිර යා හැකි බවට අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත. මේ වන විට බලපෑමට ලක්වූ නිවාස ගණන නිශ්චිතව තහවුරු කර නොමැති නමුත්, විදුලි සැපයුම නැවත ස්ථාපනය කිරීම සඳහා කටයුතු ක්‍රියාත්මක වෙමින් පවතී.
මෙම තත්ත්වය තද සුළං සහ අයහපත් කාලගුණ තත්ත්වයන් සමඟ සම්බන්ධ විය හැකි බවට සැක කෙරේ. ප්‍රදේශවාසීන්ට ආරක්ෂාව පිළිබඳ සැලකිලිමත් වන ලෙසත්, විදුලි උපකරණ භාවිතයේදී සුරක්ෂිත ක්‍රම අනුගමනය කරන ලෙසත් උපදෙස් ලබාදී ඇත.
👉 මේ අතර, ජනතාවට විදුලි කප්පාදු වීම් සඳහා සූදානම්ව සිටින ලෙසත්, අත්‍යඅවශ්‍ය අවස්ථාවලදී පමණක් විදුලි උපකරණ භාවිතා කරන ලෙසත් බලධාරීන් අවධාරණය කරයි.

0 Comments