නවසීලන්තයේ ජීවත් වෙන්න ඔබ ගත්ත තීරණය නිවරදි ද…?

‘වයානු’ (Vaianu) සුළි කුණාටුව මේ දිනවල නවසීලන්තයේ ප්‍රබල මාතෘකාව වුනා. ඒ ගැන අසන ශ්‍රී ලාංකික අපි හැමෝටම මතක් වෙන්නේ ලංකාවට බලපෑ ජීවිත රැසක් බිළිගත් “දිට්වා” සුළි කුණාටුව. එම සුළි කුණාටුව පිළිබදව පූර්ව අනතුරු ඇගවීම් පිළිබදව රජය සහ විපක්ෂය අතර ඇතිවුනේ ප්‍රබල සංවාදයක්. ඇතැමෙක් මෙය පාස්කු ප්‍රහාරය දැන සිටීම වැනි තත්වයන්ටද ආරෝපනය කරමින් වාද විවාද පැවැත්වූවා. නමුත් නවසීලන්තය එහිදී ක්‍රියා කලේ කෙසේද.
ඔවුන් සතියක පමණ කාලයක සිට විවිධ ආයතන මැදිහත් වුනා. පූර්ව අනතුරු ඇගවීම් නිකුත් කරමින් දිනපතා ඒ පිළිබදව හැකි සෑම පියවරක්ම අනුගමනය කළා. ශ්‍රී ලංකාවට සාපේක්ෂව ඔවුන් සතු තාක්ෂණය ඉහළ නිසා එය ප්‍රබල ලෙස කැපී පෙණුනා. ඔවුන්ට සුළි කුණාටුවේ දිශානතිය පිළිබදව කළ හැකිව තිබුනේ දත්ත වාර්තා පදනම් කරගනිමින් එය දින කිහිපයකට පෙර පැවැති තත්වය සමග වාර්තා කිරීම. නමුත් එය ක්‍රමිකව බාල වෙමින් අපේක්ෂාවෙන් සිටි තරම් රට තුලට පැමිණියේ නැහැ. එය බාහිරින් ගමන් කළත් ඇතැම් ප්‍රදේශ වලට එය සැලකියයුතු බලපෑම් එල්ල කලා. නමුත් පුර්ව දැනුවත් කිරීමේ ප්රතිඵලය්ද්ක් ලෙස ජීවිත හානි වාර්තා වුනේ නැහැ.
මෙයින් පැහැදිලි වන්නේ කුමක්ද? දියුණු රටක ජන ජීවිතය සහ පුද්ගල ආරක්ෂාව කොයිතරම් ඉහළ මට්ටමෙන් සැලැකිල්ලට ගන්නවාද යන කාරනාවයි.ඔබ නවසීලන්තයට පැමිණියේ උසස් ජන ජීවිතයක් අපේක්ෂාවෙනි. එනයින් බලන කළ ඔබේ තීරණය ඉතා නිවරදි බව දිට්වා සහ වයානු සුළි කුනාටු අත්දැකීම් සංසන්දනය කරනා විට පැහැදිලි වනු ඇත.
නවසීලන්තයේ මහජන ආරක්ෂාව සහ සහන සේවා සැලසීම සඳහා ප්‍රධාන රාජ්‍ය ආයතන සහ අංශ කිහිපයක් සක්‍රීයව මැදිහත් වුණා අතර ඔවුන්ට රටේ සමස්ථ පුරවැසි ගෞරවය හිමිවිය යුතුය.
- NEMA (ජාතික හදිසි කළමනාකරණ ආයතනය): මුළු රටේම ආපදා කළමනාකරණ කටයුතු සම්බන්ධීකරණය කිරීම සහ රජයේ සහාය ලබා දීම මොවුන් විසින් සිදු කරනු ලැබුවා.
- සිවිල් ආරක්ෂක ඒකක (Civil Defence): ප්‍රාදේශීය මට්ටමින් ජනතාව දැනුවත් කිරීම, ආරක්ෂිත මධ්‍යස්ථාන (Civil Defence Centres) පවත්වාගෙන යාම සහ ඉවත් කිරීම් (Evacuations) මෙහෙයවීම සිදු කලා.
- MetService (කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව):කුණාටුවේ ගමන් මග සහ වර්ෂාපතනය පිළිබඳ නිවැරදි කාලගුණ අනාවැකි සහ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කිරීම සිදු කලේ ඔවුන්..
- Fire and Emergency NZ (FENZ): ගස් කඩා වැටීම්, ගංවතුරේ සිරවූවන් මුදාගැනීම සහ හදිසි අනතුරු සඳහා ක්ෂණික ප්‍රතිචාර දැක්වීම සිදු කලා.
- නවසීලන්ත පොලීසිය (NZ Police): මාර්ග වසා දැමීම්, ආරක්ෂාව තහවුරු කිරීම සහ අවදානම් ප්‍රදේශවලින් ජනතාව ඉවත් කිරීමට සහාය වීම සිදු කලා.
- NZTA Waka Kotahi සහ Auckland Transport (AT): මහාමාර්ග සහ ප්‍රවාහන ජාලවල ආරක්ෂාව පවත්වා ගැනීම, හදිසි මාර්ග වසා දැමීම් සහ පාලම්වල (උදා: ඕක්ලන්ඩ් වරාය පාලම) ගමනාගමනය පාලනය කිරීම සිදු කලා.
- සමාජ සංවර්ධන අමාත්‍යාංශය (MSD): කුණාටුවෙන් පීඩාවට පත් වූවන්ට අවශ්‍ය මූල්‍ය ආධාර සහ සුභසාධන පහසුකම් සැපයූවා.
- නවසීලන්ත සෞඛ්‍ය අංශය (Health NZ): හදිසි වෛද්‍ය උපදෙස් සහ ගංවතුරෙන් පසු ඇතිවිය හැකි සෞඛ්‍ය අවදානම් පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සිදු කරයි.
මේ සියලු ආයතනයන්හි පූර්ව සූදානම නිසා සහ රජය සහ කාලගුණ අංශ කලින්ම අනතුරු ඇඟවීම් නිකුත් කර අදාල පියවර ගෙන තිබූ නිසා ජනතාව ඉතා හොඳ සූදානමකින් සිටියා. එමගින් සිදුවිය හැකි හානිය අවම කර ගැනීමට හැකි වීම වාසනාවක්.

0 Comments