← BACKWeather

සයික්ලෝන් “වයිආනු” නෝර්ත්ලන්ඩ් මාර්ග පද්ධතිය විනාශ කරයි.

BY DhanushPUBLISHED APRIL 12, 20261 MIN READ0 COMMENTS

නවසීලන්තයේ උතුරු ප්‍රදේශය වන නෝර්ත්ලන්ඩ් (Northland) හි මාර්ග පද්ධතියට සයික්ලෝන් “වයිආනු” හේතුවෙන් දැඩි බලපෑම් එල්ල වී තිබේ. දැඩි වැසි, සුළං සහ ගංවතුර හේතුවෙන් රාජ්‍ය මහාමාර්ග කිහිපයක් වසා දැමීමටත්, කිහිපයක ගමනාගමනය සීමා කිරීමටත් සිදුව ඇත.

නවසීලන්ත ප්‍රවාහන ඒජන්සිය (NZTA) සඳහන් කළේ, ගස් වැටීම්, මාර්ගයට වැටුණු අවශේෂ කොටස්, විදුලි කණු හා වීදි ලාම්පු හානි, ගංවතුර සහ සුළු කදු කඩා වැටීම් හේතුවෙන් මාර්ගවල අවදානම් තත්ත්වයක් පවතින බවයි.

🔻ප්‍රධාන මාර්ග අවහිරතා.

විශේෂයෙන්, State Highway 15 (SH15) මාර්ගයේ Cemetery Road සහ Loop Road අතර කොටස ගංවතුර හේතුවෙන් සම්පූර්ණයෙන් වසා දමා ඇති අතර, විකල්ප මාර්ගයක් ලෙස State Highway 1 (SH1) භාවිතා කිරීමට උපදෙස් දී ඇත.

එසේම, SH1 Brynderwyn Hills ප්‍රදේශයේ මාර්ගය විවෘතව තිබුණද, කදු කඩා වැටීම් කිහිපයක් හේතුවෙන් “stop/go” පද්ධතිය යටතේ පාලනය කරමින් ගමනාගමනය සිදු කෙරේ.

Mangamuka Gorge මාර්ගය තාවකාලිකව වසා තිබූ අතර, පසුව ඊයේ උදෑසන නැවත විවෘත කර ඇත.

🔻ඊට අමතරම තවත් මාර්ග රැසක් ජලයෙන් යටවෙයි.

නෝර්ත්ලන්ඩ් පුරා ග්‍රාමීය මාර්ග ගණනාවක් ගංවතුරෙන් යටවී තිබේ. Ararua Road, Glenmohr Road, Jubilee Road, Papakauri Road සහ Whananaki North Road ඇතුළු මාර්ග රැසක ජල මට්ටම ඉහළ ගොස් ගමනාගමනයට බාධා ඇති වී ඇත.

ඇතැම් ස්ථානවල ජලය මීටර් 2ක් දක්වා උසට ඉහළ ගොස් ඇති බවත් වාර්තා වේ.

🔻රියදුරන්ට අනතුරු ඇඟවීම්.

අධික සුළං සහ වැසි හේතුවෙන් රිය පැදවීම ඉතා අවදානම් බව බලධාරීන් පෙන්වා දෙයි. ඇතැම් ප්‍රදේශවල මාර්ග මතුපිට ජලය රැඳී සිටීම, කුඩා කදු කඩා වැටීම් සහ ගස් වැටීම් වැනි තත්ත්වයන් තවදුරටත් පවතින බවට ඔවුන් අනතුරු අගවයි.

ඒ අනුව, අත්‍යවශ්‍ය නොවන ගමන් අවම කිරීමටත්, මාර්ග තත්ත්වය පිළිබඳ නවතම තොරතුරු පරීක්ෂා කර ගමන් කිරීමටත් ජනතාවට උපදෙස් දී ඇත.

👉 සමස්තයක් ලෙස කුණාටුව අඩුවෙමින් පවතින නමුත්, මාර්ග තත්ත්වය තවමත් අවදානම් බැවින්, ජනතාවට ඉතා සැලකිලිමත් ලෙස ගමන් කිරීම අත්‍යවශ්‍ය වේ.

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *