← BACKUncategorized

ඔක්ලන්ඩ් හි සුපිරි ගොල්ෆ් පිටියක අවන්හලක් ගින්නෙන් ‘විනාශ වෙයි!

BY DhanushPUBLISHED APRIL 12, 20261 MIN READ0 COMMENTS

නවසීලන්තයේ ඔක්ලන්ඩ් නුවරට උතුරින් පිහිටි සුප්‍රසිද්ධ Te Arai Links සුඛෝපභෝගී ගොල්ෆ් ක්‍රීඩා සංකීර්ණයේ පිහිටි අවන්හලක් අද (ඉරිදා) උදෑසන හටගත් දරුණු ගින්නකින් දැඩි ලෙස හානියට පත්ව තිබේ.

අද උදෑසන 10:00 ට පමණ ගිනි නිවන ඒකකයට ලැබුණු ඇමතුම් රැසක් සමඟ ක්‍රියාත්මක වූ සහන කණ්ඩායම්, ගින්න පාලනය කිරීමට පැය දෙකකට අධික කාලයක් දැඩි වෙහෙසක් දරා ඇත.

මීටර් 40×20 ප්‍රමාණය ගොඩනැගිල්ලක් වූ මෙම අවන්හලේ වහලය පුරා ගින්න වේගයෙන් පැතිර ගොස් තිබුණි.

ප්‍රදේශයේ පැවති දැඩි සුළං තත්ත්වය සහ ජල පීඩනය අවම වීම හේතුවෙන් ගින්න නිවීමට දැඩි බාධා එල්ල විය.

ගින්න පාලනය සඳහා වන්ගරේ ප්‍රදේශයේ සිට විශේෂිත අණදෙන ඒකකයක් ඇතුළු අමතර කණ්ඩායම්ද කැඳවීමට සිදු විය.

ගිනි නිවන ඒකකයේ මාරුව භාර කළමනාකරු රයන් ගීන් ප්‍රකාශ කළේ, ගින්න පාලනය කරන විටත් ගොඩනැගිල්ලට දැඩි හානි සිදුව තිබූ බවයි. වාසනාවකට මෙන්, මෙතෙක් කිසිදු ජීවිත හානියක් හෝ තුවාල ලැබීමක් වාර්තා වී නොමැත.
ගින්න හට ගැනීමට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, ඒ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *