← BACKUncategorized

ඔක්ලන්ඩ් ප්‍රතිචක්‍රීකරණය අසාර්ථක වෙමින් යයි. ජනතාවට මේ ගැන නිසි දැනුවත්භාවයක් නැද්ද?

BY Dhanush•PUBLISHED APRIL 14, 2026•1 MIN READ•0 COMMENTS

ඔක්ලන්ඩ් නගරයේ ප්‍රතිචක්‍රීකරණ පද්ධතිය දැඩි අභියෝගයකට මුහුණ දී තිබේ. බලධාරින්ට අනුව, ජනතාව වැරදි දේ බින්වලට දමන නිසා, ප්‍රතිචක්‍රීකරණයට යොමු කළ දේවල් වලින් විශාල ප්‍රමාණයක් අවසානයේ කුණු ගොඩවල් වලට යයි.

Waste and Recycling Industry Association විසින් සිදුකළ පර්යේෂණයකින් හෙළිවී ඇත්තේ, ඔක්ලන්ඩ්හි kerbside recycling බින්වලට දමන දේවල් වලින් 30%ක් පමණ ප්‍රතිචක්‍රීකරණයට සුදුසු නොවීම හෝ දූෂිත වීම හේතුවෙන් ඉවත දමන බවයි.

📊 “හොඳ දේ කරන්න ගිහින් වැරදි කරනවා”

මෙම තත්ත්වය පිළිබඳ Barney Irvine පවසන්නේ, බොහෝ දෙනා හොඳ අදහසින් ප්‍රතිචක්‍රීකරණයට උත්සාහ කළත් නීති හරි හැටි නොදන්නා බවයි.

ඒ අතරම Auckland Council හි නිලධාරී Warwick Jaine සඳහන් කළේ, කුණු ප්‍රමාණය දිනෙන් දින වැඩිවෙමින් පවතින අතර පරිසරයට මුදාහැරීමට සිදුවන කුණු ගොඩවල් ඉක්මනින් පිරෙමින් පවතින බවයි.

🚫 ප්‍රධාන ගැටලුව වන්නේ Recycling bin එක “තවත් කුණු බින් එකක්” වීම‍යි.

බලධාරින් පෙන්වා දෙන්නේ, බොහෝ දෙනා recycling bin එකට පහත දේවල් දමන බවයි:

👉🏻සාමාන්‍ය ගෘහස්ථ කුණු
👉🏻කඩදාසි නොවන ද්‍රව්‍ය
👉🏻ගල්, ලී
👉🏻nappies
👉🏻පැරණි ඇඳුම් සහ බයිසිකල්

මෙය “wishcycling” ලෙස හැඳින්වේ. එනම් “මේක ප්‍රතිචක්‍රීකරණය වෙයි කියලා හිතලා දානවා” කියන තත්ත්වයයි.

🏭 යන්ත්‍රානුකූල පද්ධතිය නිසා සේවකයින්ට වෙන්කරන්න වෙලාවක් නැහැ.

ඔක්ලන්ඩ්හි Auckland Material Recovery Facility (MRF) කියන්නේ නවසීලන්තයේ විශාලම ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානයයි.

මෙහි:
👉🏻බහුතර ක්‍රියාවලිය ස්වයංක්‍රීය වෙයි.
👉🏻මිනිසුන්ට වෙන්කරන්න පුළුවන් වෙන්නේ ආරම්භයේදී පමණයි.

අනිත් විශේෂම දේ නම් ප්ලාස්ටික් බෑග්වල දාලා recycling එකට දානව නම්, ඒවා සම්පූර්ණයෙන්ම කුණු ලෙස ඉවත් කරනවා. බෑග් තුළ තියෙන්නේ මොනවාද කියලා දැනගන්න බැරි නිසා, එය අනතුරුදායකයි.

💸 වැරදි ප්‍රතිචක්‍රීකරණය = වැඩි වියදම් + පරිසරයට හානි

‼️මිනිසුන් වැරදි ලෙස බින්වලට දමන දේවල් නිසා
👉🏻ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලිය බාධා කරයි.
👉🏻වැඩි කුණු ප්‍රමාණයක් landfill කුණු ගොඩවල් වෙත යවයි.
👉🏻බදුගෙවන්නන්ට වැඩි වියදම් ඇති කරයි.

✅ නිවැරදිව Recycling කරන සරල නීති හා උපදෙස් අනුගමනය කරන්න.

❌ ප්ලාස්ටික් බෑග්වල දාලා recycling බින් එකට දමන්න එපා.
❌ soft plastics (බෑග්, wrapper) දමන්න එපා – ඒවා supermarket drop-off points වලට දමන්න.
❌ බෝතල් කප් (lids) ඉවත් කරන්න.
❌ බැටරි, ගෑස් බෝතල්, අනතුරුදායක දේවල් දමන්න එපා.
❌ අතිශයින් අපවිත්‍ර (dirty) දේවල් දමන්න එපා.

👉 ✔️ දාන්න පුළුවන් දේවල්:

✅වීදුරු බෝතල් සහ බාජන
✅කඩදාසි සහ කාඩ්බෝඩ්
✅ප්ලාස්ටික් (1, 2, 5 වර්ග)
✅ටින්, ඇලුමිනියම් කෑන්

“ඔබට සැකයි නම් බින් එකට දමන්න එපා!”

මෙය පිළිපදින්නේ නම්, ඔබටත් පරිසරය රැකගැනීමට විශාල දායකත්වයක් ලබාදිය හැක. 🌱

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *