← BACKWeather

අකුණු සැර වැදී ඕක්ලන්ඩ් නගරයේ නිවසක් ගිනිගනියි! විදුලි උපකරණ භාවිතය ගැන සැලකිලිමත් වන්න.⚡🔥

BY DhanushPUBLISHED APRIL 20, 20261 MIN READ0 COMMENTS

නවසිලන්තයේ Auckland නගරයේ Penrose ප්‍රදේශයේ නිවසක් අකුණු සැර වැදී ගිනිගත් බවට ඊයේ සවස වාර්තා විය. අද පස්වරුවේ එම ප්‍රදේශයට දැඩි අකුණු සහිත වැසි අනතුරු ඇඟවීමක් ක්‍රියාත්මකව තිබූ අතර, එම අයහපත් කාලගුණය හේතුවෙන් මෙම සිද්ධිය සිදුවී ඇත.

Fire and Emergency New Zealand (FENZ) ප්‍රකාශකළේ, ඔවුන්ට සවස 3.45ට පමණ මෙම ගිනි ගැනීම පිළිබඳ දැනුම්දුන් බවයි. ආරම්භක විමර්ශන අනුව, අකුණු පහරක් නිසා මෙම ගිනි ගැනීම සිදුවී ඇති බව විශ්වාස කරයි.

ගින්න නිවසේ ඉහළ මහලේ නිදන කාමරයකින් ආරම්භ වී, පසුව වහලය දෙසට පැතිර යමින් තිබුණි. ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවන කාර්ය මණ්ඩල සාමාජිකයින් 16 දෙනෙකු සක්‍රීයව කටයුතු කර ඇත.

මෙම සිද්ධිය අතරතුර, නිවසේ සිටි සියලු දෙනා ආරක්ෂිතව ඉවත් කර ඇති අතර, කිසිදු පුද්ගලයකුට පිලිස්සීමක් හෝ අනතුරක් වාර්තා වී නොමැත.

කරුණාකර අකුණු සහිත කාලගුණ තත්ත්වයන් ඇති වෙලාවට, විදුලි උපකරණ භාවිතය අවම කර, ආරක්ෂිත ස්ථානයක රැඳී සිටින්න. එය ඔබේ වටිනා ජීවිතත් දේපළත් දෙකම රැකදෙයි.

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *