← BACKWeather

හදිසි සේවා විරුවන් ඇගයූ වෙලින්ටන් බේකරිය!

BY DhanushPUBLISHED APRIL 21, 20261 MIN READ0 COMMENTS

නවසීලන්තයට බලපා ඇති දැඩි කාලගුණ තත්ත්වයන්ට මුහුණ දී දිවා-රෑ නොබලා වැඩ කරන හදිසි සේවකයන්ට සහාය දක්වමින්, ලෝවර් හට් ප්‍රදේශයේ බේකරියක් විසින් කළ පරිත්‍යාගශීලී ක්‍රියාවක් ජනතාවගේ අවධානය දිනාගැනීමට සමත්විය. ඒ එම බේකරිය හදිසි සේවා කණ්ඩායම්වලට නොමිලේ උණුසුම් බනිස් ලබාදීමට තීරණය කර තිබීමයි.

ගංවතුර සහ අයහපත් කාලගුණය හේතුවෙන් වෙලින්ටන් ප්‍රදේශයේ ජනතාව රැක ගැනීමට කටයුතු කරන ගිනි නිවීම්, පොලිස්, ඇම්බියුලන්ස් සහ සිවිල් ආරක්ෂක සේවකයන් දින ගණනක් තිස්සේ වෙහෙස වෙමින් සිටී. ඔවුන්ගේ මහන්සිය පිළිබඳ තම ගෞරවය දැක්වීම පිණිස, මෙම බේකරිය ඔවුන්ට කෙටි විවේකයකදී උණුසුම් ආහාරයක් ලබාගැනීමට අවස්ථාව සලසා දී ඇත.

මේ සේවාවට හිමිකම් ලබන්නේ කවුද?

හදිසි සේවකයන්ට මෙම නොමිලේ පායි ලබාගැනීමට හැකිවන්නේ,

👉🏻තම සේවා ඇඳුමෙන් පැමිණීමෙන්
👉🏻හෝ සේවා හැඳුනුම්පත පෙන්වීමෙන්

යන ආකාර වලින්ය. මෙය ඔවුන්ට පහසුවෙන් හා ඉක්මනින් ආහාර ලබාගැනීමට උපකාරී වේ.

සියළු දෙනාටම ආදර්ශයක් වූ මෙම කටයුත්ත, දුෂ්කර අවස්ථාවකදී සමාජයේ එකමුතුකම සහ සහයෝගීත්වය පෙන්වන හොඳ උදාහරණයක් ලෙස සැලකේ. කුඩා ව්‍යාපාරයක් වුවද, ඔවුන් කරන ලද මෙම කටයුත්ත හදිසි සේවකයන්ට විශාල ශක්තියක් සහ උත්තේජනයක් ලබා දුන්හ.

සමාජයේ මෙවැනි ක්‍රියා පෙන්වා දෙන්නේ, අර්බුදකාරී අවස්ථාවලදී කුඩා ක්‍රියාවකින් පවා කෙතරම් විශාල වෙනසක් ඇති කළ හැකිද යන්නයි. හදිසි සේවකයන්ට මෙය උණුසුම් ආහාරයකට වඩා, ඔවුන්ගේ සේවාව අගය කරන හදවතින් කළ ස්තූතියක් බවට පත්ව ඇත.

මෙවැනි ආපදා තත්වයන්හිදී ජනතාවගේ පිහිටට එන විරුවන්ටත්, මේ සත්ක්‍රියාවට දායක වූ බේකරි හිමියන්ටත් ලක්කිවි අපගේ හෘදයාංගම ආචාරය!

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *