
“ෂේන් ජෝන්ස්, ඔබට ලැජ්ජයි!” – ඉන්දීය ගිවිසුම නිසා නවසීලන්ත රජය ඇතුළේ මහා පිපිරීමක්! 🏛️🥊
ඉන්දීය නිදහස් වෙළඳ ගිවිසුම හරහා නවසීලන්තයට ඉන්දියානුවන් විශාල වශයෙන් පැමිණෙනු ඇති බව පවසමින් ෂේන් ජෝන්ස් සිදුකළ “Butter Chicken Tsunami” (බටර් චිකන් සුනාමියක්) යන ප්‍රකාශය මුදල් අමාත්‍ය නිකොලා විලිස්ගේ දැඩි දෝෂාරෝපණයට ලක්වී තිබේ. ඇය පවසන්නේ ජෝන්ස් මහතා “ජාතිවාදී බියක්” ජනතාව තුළ ඇති කිරීමට උත්සාහ කරන බවයි.
නිකොලා විලිස්ගේ සැර ප්‍රකාශය 🎙️🔥
නිකොලා විලිස් පාර්ලිමේන්තුවේදී ෂේන් ජෝන්ස් දෙසට ඇඟිල්ල දිගු කරමින් මෙසේ පැවසුවාය:
“ෂේන් ජෝන්ස්, ඔබට ලැජ්ජයි! එවැනි ජාතිවාදී වාග් මාලාවන්ට නවසීලන්ත දේශපාලනයේ ඉඩක් නැහැ. ඔබ ඉන්දීය සම්භවයක් සහිත නවසීලන්ත වැසියන්ව පාවා දී තිබෙනවා.”
ගිවිසුමේ අඩංගු වීසා සහන මොනවාද?📑🛂
ෂේන් ජෝන්ස් මෙම විවේචනය එල්ල කරන්නේ ගිවිසුම හරහා ඉන්දියානුවන්ට ලැබෙන වීසා පහසුකම් පිළිබඳවයි. ගිවිසුමේ අලුත්ම තොරතුරු මෙන්න:
⚖️ ගිවිසුමේ වැදගත් කරුණු:
📌 ඉන්දියානු පුරවැසියන්ට වාර්ෂිකව 1667 temporary work visas
📌 උපරිම වශයෙන් 5000 දක්වා විසා අවස්ථා
📌 වයස අවුරුදු 30ට අඩු පුද්ගලයින් සඳහා working holiday visas
📌 විශේෂ “iconic visa” 200ක් – chefs, yoga instructors, artists වැනි වෘත්තීන් සඳහා
ෂේන් ජෝන්ස්ගේ ස්ථාවරය 🤨
විවේචන හමුවේ වුවද ෂේන් ජෝන්ස් සිය ප්‍රකාශය ඉල්ලා අස්කර ගැනීමට සූදානම් නැත. ඔහු පවසන්නේ ඉන්දීය සූපවේදීන්ට සහ යෝගා උපදේශකයින්ට මෙලෙස “අසීමිත මාවතක්”විවෘත කිරීම රටේ ආගමන විගමන පද්ධතියට හානිකර විය හැකි බවයි. ඔහු මෙය හඳුන්වන්නේ “Blockchain Immigration” ලෙසයි.

0 Comments