← BACKEntertainment

අනුෂ්කා ෂර්මා සරලයි. හැබැයි සුඛෝපභෝගියි.විලාසිතා වල මිළ ඇහුවොත්, ඇස් උඩයයි!​

BY DhanushPUBLISHED APRIL 30, 20261 MIN READ0 COMMENTS

පසුගියදා පැවැති Royal Challengers සහ Gujarat Titans අතර තීරණාත්මක IPL තරගය නැරඹීමට පැමිණි බොලිවුඩ් නිළි අනුෂ්කා ෂර්මා, ඇයගේ සරල එහෙත් ඉතා වටිනා විලාසිතාව නිසා නැවතත් කාගේත් අවධානයට ලක්ව ඇත. ඇය එදින පැළඳ සිටි සුදු පැහැති බ්ලවුසය සහ අත් ඔරලෝසුවේ වටිනාකම පිළිබඳව මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ පුළුල් ලෙස සාකච්ඡාවට බඳුන් වෙමින් තිබෙන්නේ අනුෂ්කා එදින පැළඳ සිටි ප්‍රංශයේ ‘Sezane’ සන්නාමයට අයත් සුදු පැහැති, අත් සහිත බ්ලවුසය හේතුවෙන්.

නිල් පැහැති ඩෙනිම් කලිසමක් සමඟ ඉතා සරල ලෙස ගළපා තිබුන්ණු එම බ්ලව්ස් එකෙහි වටිනාකම ඉන්දීය රුපියල් 17,000කට (ශ්‍රී ලංකා රුපියල් 60,000කට) ආසන්න වෙනවා .

මීට අමතරව ​අනුෂ්කාගේ සරල පෙනුමට ඉතා ඉහළ වටිනාකමක් එක් කළේ ඇයගේ මැණික්කටුවෙහි දිස්වූ ‘Panthère de Cartier’ වර්ගයේ සුඛෝපභෝගී අත් ඔරලෝසුවයි. 18K රත්තරනින් නිමවා ඇති මෙම ඔරලෝසුවල මිල ඉන්දියාවේදී රුපියල් ලක්ෂ 28 සිට ආරම්භ වී ලක්ෂ 61 දක්වා ඉහළ අගයක් ගන්නා බවයි වාර්තා වෙන්නේ.

​සැමියා වන විරාත් කෝලි දිරිමත් කිරීමට ක්‍රීඩා පිටියට පැමිණෙන සෑම අවස්ථාවකම අනුෂ්කා ඉතා අවම වේශ නිරූපණයකින් සහ සරල ඇඳුම් විලාසිතාවලින් සැරසී සිටීමට ප්‍රිය කරන අතර ඇයගේ මෙම “Quiet Luxury” හෙවත් සරල පෙනුම පිටුපස ඇති ඉහළ වටිනාකම විලාසිතා ලෝලීන්ගේ දැඩි ඇගයීමටද ලක්ව තිබෙනවා.

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *