
කොලොම්බියාවේ මත්ද්‍රව්‍ය රජු විදියට සැලකුණු පැබ්ලෝ එස්කෝබාර් එරටට ගෙනාපු, දැන් කාටත් හිසරදයක් වෙලා තියෙන හිපපොටේමස් සතුන් 80 දෙනාගේ ජීවිත බේරගන්න ආසියාවේ ධනවත්ම පවුලේ බාල පුත්‍රයා වන ආනන්ත් අම්බානි පෙරමුණට ඇවිත් තිබෙනවා.
පරිසරයට හානි කරනවා කියලා මේ සතුන්ව මරා දාන්න (Euthanasia) කොලොම්බියා රජය තීරණය කරලා තිබුණත්, සතුන්ට පණ වගේ ආදරය කරන ආනන්ත් කියන්නේ “ඔවුන් කොහේ ඉපදුණත්, ඔවුන්ගේ ජීවිත බේරගන්න අපිට වගකීමක් තියෙනවා” කියලයි.
📍 හිපෝලගේ අලුත් නැවතුම ‘වන්තරා’
මේ සතුන් 80 දෙනාව කොලොම්බියාවේ ඉඳන් කෙලින්ම බටහිර ඉන්දියාවේ ගුජරාටයේ පිහිටි ආනන්ත්ගේ සුපිරි වනජීවී මධ්‍යස්ථානය වන ‘වන්තරා’ (Vantara) වෙත රැගෙන ඒමට නියමිතයි. අලි ඇතුන් ඇතුළු ඕනෑම සතෙකුට රජ සැප ලැබෙන මේ මධ්‍යස්ථානය දැන් මේ ‘කොකේන් හිපෝලගේ’ අලුත් පාරාදීසය වෙන්නයි යන්නේ.
💰 රජ සැප විඳින අම්බානි පවුලේ ‘කෝටිපති මෙහෙයුම’
ඩොලර් බිලියන 118 ක දැවැන්ත වත්කමකට උරුමකම් කියන අම්බානි පවුලට මේක තවත් එක් මෙහෙයුමක් විතරයි. අම්බානි පවුලේ ආර්ථික පසුබිමින් බිදක් ගැන මතක් කළොත්:
- මංගල්‍යයේ අසිරිය: රිහානාට විතරක් කෝටි ගණන් ගෙවපු, මාර්ක් සකර්බර්ග් සහ බිල් ගේට්ස් වැනි ලෝක බලවතුන් නටවපු ආනන්ත්-රාධිකා මංගල්‍යයට විතරක් ඩොලර් මිලියන 600 කට ආසන්න මුදලක් වැය වුණා.
- සුඛෝපභෝගී ජීවිතය: මිලියන ගණන් වටිනා ‘පැටෙක් පිලිප්’ ඔරලෝසු පලඳින, දියමන්ති ඔබ්බවපු සිංහ බ්‍රෝච් පලඳින ආනන්ත් ජීවත් වෙන්නේ ලෝකයේ මිල අධිකම නිවසක් වන මහල් 27 ක ‘ඇන්ටිලියා’ මන්දිරයේයි.
රජ සැප වින්දත් අම්බානි කුමරා ඉතා කාරුණික හදවතක් ඇති හරිම ලෙන්ගතු මනුස්සයෙක් කියල මුළු ලෝකෙම දැන් දන්නව.
🤔 ඉතින් හිපෝලා ඉක්මනින් ඉන්දියාවට එයිද?
2025 දී කොලොම්බියානු ජනාධිපතිවරයාත් මේ ගැන උනන්දු වුණු නිසා, අම්බානි පවුලේ මේ දැවැන්ත මැදිහත්වීමත් එක්ක හිපෝලා රැළට ඉක්මනින්ම ඉන්දීය වීසා ලැබෙනු ඇති බවයි බොලිවුඩ් සහ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ කටකතා පැතිර යන්නේ.
සතුන්ට ආදරේ කරන අම්බානිගේ හිපෝ සෙල්ලම ගැන ඔයාලා මොකද හිතන්නේ? 💬✨

0 Comments