
මිලාන් විලාසිතා සතියේදී සුපිරි නිළි ආලියා බාත් විසින් ප්රදර්ශනය කළ ඇඳුම් විලාසිතාව සතුන්ට හිංසා පමුණුවමින් නිර්මාණය කරන ලද්දක් බවට චෝදනා කරමින්, ජනප්රිය රූපවාහිනී නිළි රූපාලි ගංගුලි (අනුපමා කතා මාලාවේ ප්රධාන නිළිය) සිය විරෝධය පළ කර තිබෙනවා. සතුන්ට ආදරය කරන්නියක ලෙස ප්රසිද්ධ රූපාලි, ආලියාව විවේචනය කරමින් පළ කල වීඩියෝවක ඉන්ස්ටග්රෑම් හරහා මුදා හැරීමත් සමඟ මෙම ආන්දෝලනය හටගෙන තිබේ.ප්රකට විලාසිතා සන්නාමයක් වන ‘Gucci’ හි සන්නාම තානාපතිනිය ලෙස ආලියා බාත් මෙම උළෙලට සහභාගී වී ඇති අතර එහිදී ඇය පැළඳ සිටි ඇඳුම් සහ අත්බෑගය නිර්මාණය කිරීම සඳහා මාස 3-4ක් වයසැති ඉතා කුඩා වසු පැටවුන්ගේ සහ බැටළු පැටවුන්ගේ සම භාවිත කර ඇති බවට එම විවේචනාත්මක වීඩියෝව මගින් චෝදනා කර තිබෙනවා..
ආලියා බාත් විසින් සතුන් සහ මිනිසුන් අතර සහජීවනය ප්රවර්ධනය කිරීම සඳහා ආරම්භ කරන ලද “Coexist” වැඩසටහන ද මෙහිදී විවේචනයට ලක්ව ඇති අතර එක් පැත්තකින් සතුන් ආරක්ෂා කිරීමට කතා කරමින්, අනෙක් පැත්තෙන් සතුන් ඝාතනය කර නිපදවන මිල අධික සම් භාණ්ඩ ප්රවර්ධනය කිරීම ඇයගේ කුහකත්වය පෙන්වන ක්රියාවක් බවට බොහෝ දෙනා චෝදනා කර තිබෙනවා.
මෙම වීඩියෝවට ප්රතිචාර දක්වමින් ඉන්දීය නිළි ස්මෘති ඛන්නා පවසා ඇත්තේ, තමන් සතුන්ට ආදරය කළද තවමත් සම් භාණ්ඩ භාවිත කිරීම පිළිබඳව ලැජ්ජා වන බවත්, අනාගතයේදී වඩා යහපත් පුද්ගලයෙකු වීමට උත්සාහ කරන බවත්ය.
මෙම චෝදනා සම්බන්ධයෙන් ආලියා බාත් මෙතෙක් නිල වශයෙන් කිසිදු ප්රතිචාරයක් දක්වා නොමැති අතර විලාසිතා ලෝකයේ සත්ව හිංසනය සහ සදාචාරය පිළිබඳව මෙම සිදුවීම හරහා නැවතත් දැඩි කතාබහක් නිර්මාණය වී තිබීම කාලීනව වැදගත් සිදුවීමක් ලෙස බොහෝ දෙනා අර්ථකථනය කර තිබෙනවා.

0 Comments