
නවසීලන්ත අහසේ දැනට දිස්වන ඉතා දුර්ලභ වල්ගා තරුවක් නැරඹීමට සහ ඡායාරූප ගත කිරීමට නවසීලන්ත වැසියන්ට සුවිශේෂී අවස්ථාවක් උදා වී තිබේ. C/2025 R3 PanSTARRS ලෙස හැඳින්වෙන මෙම වල්ගා තරුව වසර ලක්ෂ එකහමාරකට අධික කාලයකට පසුව පෘථිවියට දර්ශනය වන බව තාරකා විද්‍යාඥයෝ පවසති.
කුමක්ද මේ වල්ගා තරුව? ![]()
![]()
නම – C/2025 R3 PanSTARRS
කාල සීමාව – වසර 170,000කට වරක් පමණක් පෘථිවිය අසලින් ගමන් කරයි.
පැමිණීම – සෞරග්‍රහ මණ්ඩලයේ කෙළවර පිහිටි Oort Cloudනම් දුරස්ථ ප්‍රදේශයේ සිට පැමිණ ඇත.
නරඹන්නේ කොහොමද?![]()
![]()
මෙම වල්ගා තරුව නිරුවත් ඇසට පැහැදිලිව දර්ශනය නොවන නමුත්, නිවැරදි උපකරණ භාවිතා කර ඔබට එය නැරඹිය හැකිය
උපකරණ:දුරදක්නයක් , ටෙලස්කෝපයක් හෝ හොඳ කැමරාවක් (DSLR/Mirrorless) තිබීම අත්‍යවශ්‍ය වේ.
ජංගම දුරකථන: නවීන ස්මාර්ට් ජංගම දුරකථනයක ‘Long Exposure’ පහසුකම භාවිතයෙන් වල්ගා තරුවේ වල්ගය සහිත ඡායාරූපයක් ලබා ගැනීමට උත්සාහ කළ හැකිය.
—
බලන්න ඕනේ කොහේටද?![]()
![]()
1.දිශාව – හිරු බැස ගොස් පැයකට පමණ පසු බටහිර ක්ෂිතිජය දෙස බලන්න.
2.ස්ථානය – බටහිර වෙරළ තීරයක් වැනි බාධාවලින් තොර විවෘත ප්‍රදේශයක් තෝරා ගැනීම වඩාත් සුදුසුය.
3.කාලය:තවත් සතියක හෝ දින 10ක පමණ කාලයක් මෙය දර්ශනය වනු ඇති අතර, ඉන්පසු එය හිරුගෙන් ඈතට ගමන් කරමින් ක්‍රමයෙන් නොපෙනී යනු ඇත.

0 Comments