
📍 නවසීලන්ත රජය විසින් 2027 වසරේ සිට නව පුරවැසි පරීක්ෂණයක් හඳුන්වා දීමට ගෙන ඇති තීරණයත් සමඟ, බොහෝ සංක්‍රමණිකයන් එම පරීක්ෂණයට පෙර පුරවැසිභාවය ලබා ගැනීමට කඩිනමින් අයදුම් කරමින් සිටින බව වාර්තා වේ. ලබන වසරේ අගභාගයේ සිට ක්‍රියාත්මක වන මෙම නව ප්‍රතිපත්තියට අනුව, පුරවැසිභාවය අපේක්ෂා කරන්නන් විසින් ප්‍රශ්න 20කින් සමන්විත පරීක්ෂණයකට මුහුණ දිය යුතු අතර ඉන් ප්‍රශ්න 15කට නිවැරදි පිළිතුරු ලබා දිය යුතුය.
📍 මෙම පරීක්ෂණය මගින් මානව හිමිකම් පනත, අපරාධ වැරදි, ඡන්ද අයිතිය, ප්රජාතන්ත්රවාදී මූලධර්ම සහ රජයේ ව්‍යුහය වැනි කරුණු පිළිබඳව අයදුම්කරුවන්ගේ දැනුම පරීක්ෂා කිරීමට නියමිතය. කෙසේ වෙතත්, වසර ගණනාවක් රටේ පදිංචිව සිටින ස්ථිර පදිංචිකරුවන් පවසන්නේ මෙය අනවශ්‍ය Red tape ක්‍රියාවලියක් සහ අමතර වියදමක් බවයි.
📍 විශේෂයෙන්ම ද්විත්ව පුරවැසිභාවය අහිමි වන චීනය වැනි රටවල සංක්‍රමණිකයන් මෙන්ම භාෂා අපහසුතා ඇති පිරිස් මෙම පරීක්ෂණය පිළිබඳව සිය කනස්සල්ල පළ කරති. පුරවැසි පරීක්ෂණයක් මගින් පුද්ගලයෙකුගේ දැනුම මැනිය නොහැකි බවත්, එය හුදෙක් විභාගයක් සඳහා කරුණු කටපාඩම් කිරීමක් පමණක් වන බවත් ඇතැම් සංක්‍රමණිකයන් පෙන්වා දෙයි.
📍 සරණාගතයින් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන පවසන්නේ තමන්ගේම මව් භාෂාව පවා කියවීමට හෝ ලිවීමට නොහැකි පිරිස් මෙම නව ක්‍රමය නිසා දැඩි අපහසුතාවයට පත්විය හැකි බවයි. එම නිසා මෙම පරීක්ෂණය ඉංග්‍රීසි භාෂාවට අමතරව වෙනත් භාෂාවලින් ද පැවැත්විය යුතු බවට යෝජනා ඉදිරිපත් වී තිබේ.
📍 මේ හේතුවෙන්, නව නීති රීති ක්‍රියාත්මක වීමට පෙර තම පුරවැසිභාවය තහවුරු කර ගැනීමට සංක්‍රමණිකයන් විශාල පිරිසක් මේ වන විට නවසීලන්ත රජයට අයදුම්පත් ඉදිරිපත් කරමින් සිටිති.

0 Comments