
📍 වෙලින්ටන් නුවර වෙසෙන සිනමා ලෝලීන්ට මෙතෙක් අත්නොවිඳි අපූරු අත්දැකීමක් විඳගැනීමේ අවස්ථාව දැන් උදා වී තිබේ. ඕස්ට්‍රේලියාවේ සුප්‍රකට ‘Dome Under Film Festival’ හි හොඳම නිර්මාණ රැගත් විශේෂ සිනමා උළෙලක් Wellington planetarium හිදී අද සිට ආරම්භ වේ.
📍 සාමාන්‍ය සිනමා ශාලාවක මෙන් නොව, මෙහිදී චිත්‍රපට ප්‍රක්ෂේපණය කෙරෙන්නේ ප්ලැනටේරියම් හි ඇති අර්ධ ගෝලාකාර වහලය මතටයි. එමඟින් නරඹන්නාට චිත්‍රපටය තුළම සිටිනවා වැනි අංශක 360ක සජීවී අත්දැකීමක් (360-degree immersive experience) හිමිවේ. මෙවැනි සිනමා උළෙලක් වෙලින්ටන් නගරයේ පවත්වන පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.
📍 මැයි 14 සිට 16 දක්වා පැවැත්වෙන මෙම උළෙලේදී සම්මානනීය නිර්මාණ 8ක් ප්‍රදර්ශනය කෙරේ
⚠️ ඔබත් වෙලින්ටන් අවට පදිංචි සිනමා ලෝලියෙක් නම්, වෙනස්ම අත්දැකීමක් විඳගැනීමට මේ සති අන්තයේ ‘Wellington planetarium ‘ වෙත ගොස් මෙම සිනමා උළෙල නැරඹීමට අවස්ථාව ඇත.

0 Comments