← BACKUncategorized

නවසීලන්තයේ Dunedin හි රොබෝ තාක්ෂණ ආයතනයක සේවය කළ තරුණ පියෙකුගේ අවාසනාවන්ත මරණය සම්බන්ධයෙන් ආයතනයට නඩු පවරයි.

BY DhanushPUBLISHED MAY 16, 20261 MIN READ0 COMMENTS

📍 නවසීලන්තයේ Dunedin නුවර පිහිටි ප්‍රසිද්ධ Robotics and Automation සමාගමක් වන ‘Scott Technology’ ආයතනයට එරෙහිව, එහි සේවය කළ සේවකයෙකුගේ මරණය සම්බන්ධයෙන් එරට සේවා ස්ථාන ආරක්ෂණ නියාමන ආයතනය වන WorkSafe මගින් නඩු පවරා තිබේ.

📍 මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පසුගිය 2025 වසරේ අප්‍රේල් මාසයේදී එම ආයතනයේ සිදු වූ අනතුරකින් ජීවිතක්ෂයට පත් වූ 32 හැවිරිදි Michael Sherry නැමැති දෙදරු පියෙකි. ඔහු ඕස්ට්‍රේලියානු ජාතිකයෙකු වන අතර සිය බිරිඳ සහ කුඩා දරුවන් දෙදෙනා සමඟ Dunedin හි පදිංචිව සිට ඇත.

📍 අනතුර සිදු වන අවස්ථාවේදී මයිකල් ‘variable independent path shoulder puller’ (365-Seafield) නැමැති නවීන යන්ත්‍රයක ක්‍රියාකාරීත්වයට අදාළ පරීක්ෂණ කටයුත්තක නිරතව සිට ඇති බව වාර්තා වේ. සේවකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට අපොහොසත් වීම සහ ඔවුන් දැඩි අනතුරකට ලක් කිරීම සම්බන්ධයෙන් 2015 සෞඛ්‍ය හා ආරක්ෂණ පනත යටතේ සමාගමට මෙම චෝදනා එල්ල වී ඇත.

⚠️ මෙම චෝදනා ඔප්පු වුවහොත් Scott Technology සමාගමට නවසීලන්ත ඩොලර් මිලියන 1.5 ක් දක්වා වූ දැවැන්ත දඩ මුදලකට මුහුණ දීමට සිදු වනු ඇත. මෙම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් සමාගම පවසා ඇත්තේ තමන් WorkSafe ආයතනයේ පරීක්ෂණ සඳහා පූර්ණ සහයෝගය ලබා දෙන බවත්, මියගිය සේවකයාගේ පවුලට ගරු කිරීමක් වශයෙන් දැනට වැඩිදුර අදහස් දැක්වීමෙන් වැළකී සිටින බවත්ය.

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *