← BACKWeather

නවසීලන්තයේ දකුණු දූපතට සුළු භූකම්පන මාලාවක්!📉

BY DhanushPUBLISHED MAY 17, 20261 MIN READ0 COMMENTS

📍 නවසීලන්තයේ දකුණු දූපතේ ඉහළ ප්‍රදේශයට ඊයේ (මැයි 16) රාත්‍රියේ සුළු භූකම්පන කිහිපයක් බලපා ඇති බව එරට GeoNet ආයතනය නිවේදනය කරනවා. සෙනසුරාදා රාත්‍රී 6:30 න් පසුව මෙම භූකම්පන තත්ත්වයන් වාර්තා වී තිබෙන්නේ Seddon ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින්.

📍 GeoNet දත්තවලට අනුව ප්‍රථම භූකම්පනය රාත්‍රී 6:30 ට පසුව Seddon නගරයට ගිනිකොණ දෙසින් කිලෝමීටර් 10ක් ගැඹුරින් සිදුව ඇති අතර එය රික්ටර් මාපක 4.4 ක අගයකින් යුක්ත වුණා. ඉන් විනාඩි 15 කට පමණ පසුව රික්ටර් මාපක3.6 ක තවත් කම්පනයක් වාර්තා කර තිබෙනවා. රාත්‍රී 8:00 වනතුරු එම කලාපයේම තවත් ඉතා සුළු කම්පන 4ක් පමණ සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

📍 මෙම කම්පන මාලාවේ පළමු භූකම්පනය මධ්‍යස්ථ මට්ටමේ එකක් ලෙස හඳුන්වා දී ඇති අතර, නවසීලන්ත වැසියන් 1200 කට වැඩි පිරිසක් තමන්ට එම කම්පනය හොඳින් දැනුණු බවට GeoNet වෙබ් අඩවිය වෙත වාර්තා කර තිබෙනවා. වාසනාවකට මෙන් මේ දක්වා කිසිදු ජීවිත හෝ දේපළ හානියක් වාර්තා වී නැහැ.

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *