← BACKUncategorized

උපන්දා සිටම KiwiSaver අනිවාර්යයි! BNZ බැංකුවත් ආපසු ගන්නවා! වින්ස්ටන් පීටර්ස්ගෙන් දැවැන්ත දේශපාලන ප්‍රකාශයක්!🔥

BY DhanushPUBLISHED MAY 17, 20261 MIN READ0 COMMENTS

📍 නවසීලන්තයේ වත්මන් නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ New Zealand First පක්ෂයේ නායක Winston Peters මහතා විසින් එරට ආර්ථිකයේ සහ දේශපාලනයේ දැඩි කතාබහක් ඇති කරන ප්‍රධාන ප්‍රතිපත්ති ප්‍රකාශන දෙකක් අද (මැයි 17) බටහිර ඕක්ලන්ඩ් හි පැවැති ජනහමුවකදී ප්‍රකාශයට පත් කර තිබෙනවා.

📍 මෙහි පළමු සහ ප්‍රධානතම යෝජනාව වන්නේ නවසීලන්ත පුරවැසියන් වන සියලුම දරුවන්ට උපන්දා සිටම KiwiSaver ගිණුමක් ආරම්භ කිරීම අනිවාර්ය කිරීමයි. එහිදී රජය මඟින් ආරම්භක දීමනාවක් ලෙස එක් දරුවෙකු වෙනුවෙන් ඩොලර් 1000 ක මුදලක් එම ගිණුමට බැර කරන බව ඔහු සඳහන් කළා. මෙය අනාගත පරපුර වෙනුවෙන් ශක්තිමත් ආර්ථික පදනමක් දමන ‘KiwiSaver Generation’ වැඩපිළිවෙළේ ආරම්භය බවයි පීටර්ස් මහතා පවසන්නේ.

📍 ඔහුගේ දෙවැනි දැවැන්ත ප්‍රකාශය වන්නේ දැනට ඕස්ට්‍රේලියානු අයිතිය සතු BNZ බැංකුව රජය මැදිහත් වී නැවත මිලදී ගන්නා බවයි. දැනට නවසීලන්ත බැංකු පද්ධතියෙන් 85%ක්ම පාලනය කරන්නේ ඕස්ට්‍රේලියානු බැංකු 4ක් බවත්, ඔවුන් නවසීලන්ත වැසියන්ගේ මුදල්වලින් උපයන බිලියන ගණනක ලාභය ඕස්ට්‍රේලියාවට ඇදී යන බවත් ඔහු පෙන්වා දුන්නා. මේ අනුව BNZ බැංකුව නැවත මිලදී ගෙන, එය Kiwibank සමඟ ඒකාබද්ධ කර “National Bank of New Zealand” ලෙස නම් කරන බව ඔහු ප්‍රකාශ කළා.

⚠️මෙම ජනහමුවේදී වත්මන් කම්කරු පක්ෂය සහ එහි නායක Hipkins දැඩි විවේචනයට ලක් කළ Winston Peters, ඔවුන් රට ණය කන්දක ගිල්වා ඇති බවට චෝදනා කළා. එමෙන්ම New Zealand First පක්ෂය සිටින රජයක් යටතේ කිසිසේත්ම රටේ පොදු සම්පත් විකුණන්නේ නැති බවත්, ඔහු අවධාරණය කළා.

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *