← BACKUncategorized

“අසල්වැසියා මාව ගහක එල්ලුවා, කැත්තෙන් කෙටුවා!” – ඉන්දීය තරුණයෙක් නවසීලන්තයෙන් ඉල්ලූ සරණාගතභාවය ප්‍රතික්ෂේප වෙයි! 🇳🇿🇮🇳

BY DhanushPUBLISHED MAY 17, 20261 MIN READ0 COMMENTS

📍 තමන්ගේ ගමේ සිටින මානසික අස්ථිර පුද්ගලයෙකුගෙන් ජීවිත තර්ජන එල්ල වන බව පවසමින් ඉන්දීය ජාතිකයෙකු නවසීලන්තයෙන් ඉල්ලා සිටි සරණාගතභාවය (Refugee status) එරට ආගමන විගමන හා ආරක්ෂක විනිශ්චය සභාව (Immigration and Protection Tribunal) විසින් නිල වශයෙන් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

📍 33 හැවිරිදි මෙම ඉන්දීය තරුණයා පවසන පරිදි, ඉන්දියාවේ උතුරු ප්‍රදේශයේ පිහිටි ඔහුගේ ගමේ අසල්වැසි පවුලක් සමඟ වසර 20ක සිට වාරිමාර්ග ජලය බෙදාගැනීම සම්බන්ධයෙන් ආරවුලක් පවතී. එහිදී අදාළ අසල්වැසියා ඔහුව ගසක එල්ලා මරා දැමීමට තැත් කළ බවත්, පසුව කැත්තකින් හිසට පහර දී බරපතළ තුවාල සිදුකළ බවත් ඔහු පවසා තිබෙනවා. එමෙන්ම මෙම ගැටුම් මැද ඇතිවූ දැඩි පීඩනය නිසා ඔහුගේ මව ද මියගිය බවයි ඔහු සඳහන් කළේ. මීට අමතරව ඔහුගේ නිවස ඉන්දු-පකිස්ථාන දේශසීමාව අසල පිහිටා ඇති බැවින් යුදමය තත්ත්වයන් නිසාද තම ජීවිතයට අනතුරක් ඇතැයි ඔහු තර්ක කර තිබුණා.

📍 කෙසේ වෙතත්, නවසීලන්ත විනිශ්චය සභාව ප්‍රකාශ කළේ මෙම තරුණයා මීට පෙර බරපතළ ප්‍රචණ්ඩත්වයකට මුහුණ දී ඇති බව පිළිගන්නා නමුත්, එය පුද්ගලික මට්ටමේ ආරවුලක් මිස දේශපාලනික හෝ මානව හිමිකම් කඩවීමක් මත සිදුවූවක් නොවන බවයි. එමෙන්ම අදාළ තර්ජන සම්බන්ධයෙන් ඉන්දීය පොලිසියට පැමිණිලි කර ඇති බවට කිසිදු සාක්ෂියක් නොමැති බවත්, ඔහුට ඉන්දියාවේ වෙනත් ප්‍රදේශයක ආරක්ෂිතව ජීවත් වීමට හැකියාව පවතින බවත් විනිශ්චය සභාව පෙන්වා දුන්නා.

⚠️මේ අනුව, ඔහු ඉන්දියාවට පියැසීමෙන් පසු නැවතත් මෙවැනිම අනතුරකට මුහුණ දීමට ඇති ඉඩකඩ ඉතා අවම සහ උපකල්පනයක් පමණක් බව තීරණය කළ නවසීලන්ත බලධාරීන්, ඔහුට සරණාගත හෝ ආරක්ෂිත පුද්ගල මුද්‍රාව ලබා දිය නොහැකි බව අවධාරණය කළා.

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *