
නවසීලන්තයේ ඕක්ලන්ඩ් (Auckland) නුවරින් වාර්තා වන, මුළු මහත් ලෝකයම මවිතයට පත් කරපු අතිශය අද්භූත සහ කුතුහලයෙන් පිරුණු පුවතක් ගැන දැන් ජාත්‍යන්තර මාධ්‍ය වගේම සමාජ මාධ්‍ය පුරාත් ලොකු කැළඹීමක් ඇතිවෙලා තිබෙනවා. ඒ, මීට වසර 116කට පෙර මුද්‍රණය කරන ලද පැරණි පුවත්පතක ඔතන ලද කුඩා බිළිඳෙකුගේ මළ සිරුරක් (Baby Auckland) හදිසියේම හමුවීමත් සමඟිනුයි. මුලින්ම මේක සාමාන්‍ය අපරාධයක් හෝ ළඟදී සිදුවූ මරණයක් කියා හැමෝම සිතුවත්, මේ සම්බන්ධයෙන් සිදුකළ මූලික විද්‍යාත්මක පරීක්ෂණවලින් පසුව හෙළිවුණු තොරතුරු නිසා වෛද්‍යවරුන්, ඉතිහාසඥයින් වගේම පොලීසිය පවා දැඩි ලෙස මවිතයට පත්ව තිබෙනවා.
විද්‍යාත්මක හා පුරාවිද්‍යාත්මක කාබන් පරීක්ෂණවලට (Carbon dating) අනුව වෛද්‍ය විශේෂඥයින් සැක කරන්නේ, මේ බිළිඳාගේ සිරුර වසර 300කට වඩා පැරණි විය හැකි බවයි. එසේ නම් වසර 300ක් පැරණි සිරුරක්, වසර 116ක් පැරණි පුවත්පතක එතීමට හේතුව කුමක්ද යන්න දැන් ලොකුම අභිරහසක් වී තිබෙනවා. මේ සිරුර ඔතා තිබූ පුවත්පත 1910 වර්ෂයට අයත් එකක් බවටයි හඳුනාගෙන තිබෙන්නේ. වසර සීයයකට වඩා පැරණි වුවත් මේ මළ සිරුර ඉතාමත් සුරක්ෂිතව, නරක් නොවී පවතින්නේ කෙසේද යන්නත්, මෙවැනි දෙයක් කිරීමට හේතුව කුමක්ද යන්නත් සොයා ගැනීමට නොහැකිව බලධාරීන් දැනටමත් දැඩි වෙහෙසක් ගන්නවා.
මේ අද්භූත සොයාගැනීමත් සමඟ නවසීලන්ත වැසියන් අතර නොයෙකුත් කටකතා සහ මතභේදයන්ද නිර්මාණය වී තිබෙනවා. ඇතැමුන් පවසන්නේ මෙය පැරණි කාලයේ සිදුකළ අභිචාර විධියක් හෝ කිසියම් පවුලක රහසක් විය හැකි බවයි. තවත් පිරිසක් විශ්වාස කරන්නේ මීට වසර සියයකට පෙර ජීවත් වූ කවුරුන් හෝ පුද්ගලයෙක් තමන්ට හමුවූ මේ වසර ගණනාවක් පැරණි බිළිඳු සිරුර පුවත්පතක ඔතා සඟවා තබන්නට ඇති බවයි. කෙසේ වෙතත්, “ඕක්ලන්ඩ් බිළිඳාගේ රහස” (Mystery of Baby Auckland) ලෙස නම් කර ඇති මේ අභිරහස විසඳීම සඳහා නවසීලන්ත පොලීසිය සහ අධිකරණ වෛද්‍ය විද්‍යාඥයින් විශේෂ කණ්ඩායමක් යොදවා පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර, සිනමා පටයක අත්භූත කතාවකටත් වඩා කුතුහලයක් පිරුණු මේ පුවතේ ඇත්ත නැත්ත දැනගන්න මුළු ලෝකයම දැන් බලාගෙන ඉන්නවා.
මූලාශ්‍ර – https://www.bbc.com/news/articles/cp8d80kxxdgo

0 Comments