
නවසීලන්තයේ ඕක්ලන්ඩ් නගරයේ දෛනික මගී ප්‍රවාහනය වඩාත් නිහඬ, පිරිසිදු සහ පරිසර හිතකාමී මුහුණුවරක් ගැනීමට සූදානම් වෙනවා. ඒ අනුව, එරට ප්‍රථම “හයිබ්‍රිඩ්-විදුලි මගී ප්‍රවාහන යාත්‍රාව” (Hybrid-Electric Ferry) එන ජූනි මාසයේ සිට Waitematā වරාය පරිශ්‍රයේ නිල වශයෙන් සේවා කටයුතු ආරම්භ කිරීමට සියල්ල සූදානම් කර තිබෙනවා.
මගීන් 200 දෙනෙකුට එකවර ගමන් කළ හැකි මීටර් 24ක් දිග මෙම නවීන යාත්‍රාව, බැටරි බලයෙන් මෙන්ම අවශ්‍ය විටෙක ඩීසල් උත්පාදක යන්ත්‍ර මඟින්ද ධාවනය කළ හැකි අතිනවීන තාක්ෂණයකින් සමන්විතයි. කෙටි මගී මාර්ග සඳහා ප්‍රධාන වශයෙන් විදුලි බලය උපයෝගී කරගන්නා බැවින්, සාමාන්‍ය ඩීසල් එන්ජින්වලින් නිකුත් වන අධික ශබ්දය, දෙදරුම සහ දුමාරය මෙහිදී සම්පූර්ණයෙන්ම නැති වී යනවා.
මෙමඟින් වසරකට කාබන් විමෝචනය ටොන් සිය ගණනකින් අඩු කරගත හැකි අතර, මෙය ඕක්ලන්ඩ් නගරයේ සමස්ත මගී ප්‍රවාහන යාත්‍රා පද්ධතියම ඉදිරියේදී විදුලි බලයට හැරවීමේ මහා සැලසුමක සාර්ථක ආරම්භයකි. එන ජූනි මාසයේ සිට සුපුරුදු ප්‍රවාහන ගාස්තු යටතේම ඕක්ලන්ඩ් වැසියන්ට මෙම අතිනවීන, හරිත යාත්‍රාවේ ගමන් කිරීමේ සුවිශේෂී අත්දැකීම විඳගත හැකියි.

0 Comments