
ලෝක බැංකුවේ නවතම ‘What a Waste 3.0’ වාර්තාවට අනුව, නවසීලන්ත වැසියන් ලෝක සාමාන්‍යය මෙන් දෙගුණයකට වඩා වැඩි කසළ ප්‍රමාණයක් දිනපතා පරිසරයට මුදා හරින බව හෙළි වී තිබේ.
ලෝකයේ සාමාන්‍ය පුද්ගලයෙකු දිනකට බැහැර කරන්නේ කසළ කිලෝග්‍රෑම් 0.88ක් වැනි ප්‍රමාණයක් වුවද, නවසීලන්තයේ එක් අයෙකු දිනකට කසළ කිලෝග්‍රෑම් 2කට ආසන්න ප්‍රමාණයක් බැහැර කරයි. ඒ අනුව නවසීලන්තය ලෝකයේ වැඩිම කුණු නිෂ්පාදනය කරන රටවල් අතර සිටින ඇමරිකාව සහ කැනඩාව වැනි රටවල් සමඟ පෙරමුණේ පසුවේ.
නවසීලන්තය වාර්ෂිකව කසළ ටොන් මිලියන 17.49ක් නිපදවන අතර ඉන් ටොන් මිලියන 12.59ක්ම සෘජුවම ගොඩකිරීම් (Landfills) සඳහා යොමු කෙරේ. මෙයට ප්‍රධානතම හේතුව වී ඇත්තේ ප්ලාස්ටික් ඇසුරුම් සහ විශාල වශයෙන් ආහාර අපතේ යැවීමයි. වාර්තා පෙන්වා දෙන්නේ නිවෙස්වලින් බැහැර කරන ආහාරවලින් අඩක්ම කිසිදු ප්‍රයෝජනයකට නොගෙන විසි කරන ඒවා බවයි.
මෙම තත්ත්වය, නවසීලන්තය ලෝකය හමුවේ පවත්වාගෙන යන “100% පිරිසිදු හා හරිත” (100% Pure New Zealand) ප්‍රතිරූපයට දැඩි බලපෑමක් එල්ල කර ඇත. පරිසරවේදීන් පවසන්නේ පෞද්ගලික මට්ටමින් කුණු අවම කිරීමට උත්සාහ කරනවා වෙනුවට, ප්ලාස්ටික් ඇසුරුම් නිපදවන සමාගම්වලට දැඩි නීති පැනවීම සහ ප්‍රතිචක්‍රීකරණ පද්ධති ශක්තිමත් කිරීම වැනි දැඩි රාජ්‍ය ප්‍රතිපත්ති මේ සඳහා වහාම ක්‍රියාත්මක කළ යුතු බවයි.
නවසීලන්තයේ ජීවත් වන ඔබ මේ ගැන සැලකිලිමත් වෙන්න. සුන්දර නවසීලන්තය කසල ගොඩක් කිරීමෙන් වළකින්න.

0 Comments