← BACKUncategorized

ඛේදජනක රිය අනතුරු පෙළකින් නවසීලන්තයේ හත් දෙනෙකු ජීවිතක්ෂයට!

BY DhanushPUBLISHED JUNE 1, 20261 MIN READ0 COMMENTS

නවසීලන්තයේ King’s Birthday දීර්ඝ සති අන්ත නිවාඩු කාලය තුළ රට පුරා සිදුවූ බියකරු රිය අනතුරු මාලාවකින් පුද්ගලයන් හත් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙය 2016 වසරෙන් පසු (එම වසරේ මරණ 11ක් වාර්තා විය) King’s Birthday සති අන්තයක වාර්තා වූ ඉහළම සහ ඛේදජනකම මරණ සංඛ්‍යාව ලෙස සටහන් වේ.

වඩාත්ම දරුණුතම අනතුර වාර්තා වූයේ සදුදා අලුයම මධ්‍යම උතුරු දූපතේ Waiouru අසල ඩෙසර්ට් පාරේ (State Highway 1) දීය. වාහන දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ මෙම අනතුරින් තිදෙනෙකු එම ස්ථානයේදීම මියගොස් ඇත. අනතුරට පත් අනෙක් වාහනයේ ගමන් ගත් 11 හැවිරිදි දැරියක් සහ 39 හැවිරිදි කාන්තාවක් බරපතල තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

මීට අමතරව සිකුරාදා සවස සිට ක්‍රියාත්මක වූ නිවාඩු කාලසීමාව තුළ Waiheke Island, Wairakei, Taupō සහ Dunedin යන ප්‍රදේශවලින් ද මාරක රිය අනතුරු වාර්තා විය.

මාර්ග පොලිස් අධ්‍යක්ෂ, Steve Greally මහතා ප්‍රකාශ කළේ මෙම මරණ සංඛ්‍යාව අතිශය කනගාටුදායක බවයි. අධික වේගය, අසුන් පටි නොපැළඳීම, අවධානය වෙනතකට යොමු වීම සහ බීමත්කම හෝ මහන්සිය නිසා රිය පැදවීම මෙම අනතුරුවලට ප්‍රධානතම හේතු වී ඇති බව පොලිසිය පෙන්වා දෙයි. දැනට පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දැඩි අවධානයෙන් සහ ඉවසීමෙන් යුතුව රථවාහන පදවන ලෙස පොලිසිය සියලුම රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *