← BACKEnvironment

පාරවල් අයිනේ “කුණු මාෆියාව” නිසා නවසීලන්තයට වෙන්න යන දේ!

BY DhanushPUBLISHED JUNE 2, 20261 MIN READ0 COMMENTS

නවසීලන්තයේ ප්‍රධාන නගරවල පොදු මාර්ග, උද්‍යාන සහ රක්ෂිත අසල නීතිවිරෝධී ලෙස කුණු දැමීමේ (Illegal Dumping) ප්‍රවණතාවය ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර, මෙය මැඩලීම සඳහා පළාත් පාලන ආයතනවලට සහ බදු ගෙවන ජනතාවට වසරකට ඩොලර් මිලියන ගණනක අතිවිශාල පිරිවැයක් දැරීමට සිදුව තිබේ.

මෑතකදී නිකුත් වූ දත්තවලට අනුව, මෙම කුණු දැමීමේ වසංගතයේ කේන්ද්‍රස්ථානය බවට පත්ව ඇත්තේ Auckland නගරයයි. පසුගිය වසර තුළ පමණක් ඕක්ලන්ඩ් නගරයේ පොදු ස්ථානවලින් ඉවත් කර ඇති නීතිවිරෝධී කුණු ප්‍රමාණය ටොන් 1,926 කි. එය නගරයේ ධාවනය වන විදුලි බස් රථ 154ක බරට සමානය! මීට අමතරව ක්‍රයිස්ට්චර්ච් නගරයෙන් ටොන් 909ක් සහ වෙලින්ටන් නගරයෙන් ටොන් 515ක් වශයෙන් විශාල කුණු තොගයක් ඉවත් කර ඇත.

පොදු මාර්ග අයිනේ බහුලවම දමා යන ද්‍රව්‍ය අතර මෙට්ට (Mattresses), පරණ සෝෆා (Couches), පුටු, රදවන ලද කාඩ්බෝඩ් පෙට්ටි සහ ඉවතලන ගෘහ භාණ්ඩ ප්‍රධාන වේ.
දකුණු ඕක්ලන්ඩ් හි පදිංචි ක්‍රිස්ටිනා ඉටා (Christina Ita’a) පවසන්නේ, කවුන්සිලය විසින් “කුණු දැමීම තහනම්” යනුවෙන් දැන්වීම් පුවරු සහ ආරක්ෂක කැමරා සවි කර තිබුණද, මිනිසුන් රාත්‍රී කාලයේදී පැමිණ රහසිගතව මෙට්ට සහ පරණ රූපවාහිනී යන්ත්‍ර දමා යන බවයි. ඇතැම් ප්‍රදේශවල මෙම කුණු ඉවත් කිරීම සඳහා කඳු නැගීමේ කණ්ඩායම් (Abseiling teams) පවා යෙදවීමට සිදුව ඇත්තේ කුණු කන්දල් බෑවුම් සහිත ප්‍රදේශවලට ඇද දමා ඇති බැවිනි.

Auckland Council ආයතනය පවසන පරිදි, පසුගිය මුදල් වර්ෂය තුළ මෙම හොර කුණු සුද්ධ කිරීම සඳහා පමණක් වැය වූ මුදල ඩොලර් මිලියන 3.1කි. මේ හේතුවෙන්, සමාජ මාධ්‍ය හරහා ඉතා අඩු මුදලකට කුණු ඉවත් කරදෙන බව පවසන වංචනික පුද්ගලයන්ට (Unlicensed rubbish removal) රැවටී තමන්ගේ කුණු ඔවුන් අතට පත් නොකරන ලෙස බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටියි. මන්ද, ඔවුන් එම මුදල් ලබාගෙන කුණු ටික ගොස් දමන්නේද තවත් පොදු පාරක් අයිනකට බැවිනි.

ලක්කිවි අපි මේ ප්‍රශ්නය දිගින් දිගටම වාර්තා කළා. ඔබේ නොමද සහයෝගයත් මේ වෙනුවෙන් ලබාදෙන්න. සුන්දර නවසීලන්තය කසල ගොඩක් වීමට පෙර හැමෝම දැනුවත් කරන්න. වගකිවයුතු අය නීතියේ රැහැනට කොටුකරදෙන්න.

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *