← BACKEconomy

ඕක්ලන්ඩ් නගරයේ කාර්යබහුල බස් මාර්ග අසලත් High-rise apartments ඉදිකිරීමට අවසර!

BY DhanushPUBLISHED JUNE 9, 20261 MIN READ0 COMMENTS

​Auckland Council එකෙන් නිවාස අර්බුදයට සුපිරි විසඳුමක් ලෑස්ති කරලා තියෙනවා. දැන් දුම්රිය ස්ථාන අසල විතරක් නෙවෙයි, නගරයේ ප්‍රධාන සහ කාර්යබහුල බස් මාර්ග දෙපසත්, ප්‍රාදේශීය නගර මධ්‍යස්ථාන අවටත් උස් මහල් නිවාස සංකීර්ණ ඉදිකිරීමට අවසර දීමට කවුන්සිල සාමාජිකයින් එකඟ වී තිබෙනවා. 🏙️✨

  • මොකක්ද මේ Plan Change 120?

මේ වසර මුලදී රජය විසින් ඕක්ලන්ඩ් කවුන්සිලයට අවශ්‍ය අවම නිවාස ධාරිතාව මිලියන 2 සිට මිලියන 1.4 දක්වා අඩු කළා. ඒ අනුව කවුන්සිලය දැනට විකල්ප දෙකක් ඔස්සේ ඉදිරියට යන්න තීරණය කරලා තියෙනවා.

​නගර මධ්‍යයේ සිට කිලෝමීටර් 10ක් ඇතුළත පමණක් නිවාස ඝනත්වය වැඩි කිරීම.

​කාර්යබහුල බස් මාර්ග සහ ප්‍රාදේශීය නගර මධ්‍යස්ථාන අවටත් උස් මහල් නිවාස ඉදිකිරීමට ඉඩ දීම (දැනට වැඩි කැමැත්තක් ලැබී ඇත්තේ මෙයටයි).

​👥 ඊළඟ පියවර මොකක්ද?

ප්‍රතිපත්ති සහ සැලසුම් කමිටුවේ සභාපති Richard Hills පවසන පරිදි, මිනිසුන්ට පහසුවෙන් ඇවිද යා හැකි දුරින් පිහිටි ප්‍රදේශ, බස් මාර්ග සහ Western Line දුම්රිය මාර්ගය (Swanson සිට Waitematā දක්වා) අවට මෙලෙස නිවාස ඝනත්වය වැඩි කළ යුතුයි.

​”මේ යෝජනාව මුලින්ම ප්‍රාදේශීය මණ්ඩල (Local boards) සහ Mana whenua – දේශීය අයිතිවාසිකම් ඇති ගෝත්‍ර) වෙත යොමු කර අදහස් ලබා ගන්නවා. ඉන්පසු ලබන මාසයේදී පොදු ජනතාවගේ අදහස් සඳහා කෙටුම්පතක් ලෙස ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා.”

​📅 අවසන් තීරණය කවදාද?

මහජන උපදෙස් සහ ස්වාධීන සමාලෝචන මණ්ඩලයක අධීක්ෂණයෙන් පසුව, කවුන්සිලය සිය අවසන් යෝජනාව 2027 ජුනි මාසයේදී රජයට බාරදීමට නියමිතයි.

​ඕක්ලන්ඩ් නගරයේ ගමනාගමනය වගේම නිවාස ප්‍රශ්නයටත් මේක ලොකු වෙනසක් වේවිද? ඔබේ අදහස කමෙන්ට් කරන්න! 👇

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *