
නවසීලන්තයේ ප්‍රධානතම විශ්‍රාම ඉතුරුම් ක්‍රමය වන Kiwisaver අරමුදලෙන් සාමාජිකයින් මුදල් ඉවතට ගැනීමේ දැවැන්ත ප්‍රවණතාවක් මතුව තිබේ. නවතම දත්ත වලට අනුව, පසුගිය මාස 12 තුළ සම්පූර්ණ හෝ අර්ධ වශයෙන් මුදල් ආපසු ගැනීම් 64% කින් ඉහළ ගොස් ඇත. ජීවන වියදම් අර්බුදය, රට හැර යාම සහ සෞඛ්‍ය ගැටළු මෙයට ප්‍රධානතම හේතු වී තිබේ.
මෙහිදී වඩාත්ම කැපී පෙනෙන කරුණ වන්නේ රට අතහැර ස්ථිරවම විදේශගත වන පිරිස් තම අරමුදල් ආපසු ගැනීමයි. ඒ අතරින් අර්ධ වශයෙන් මුදල් ලබා ගැනීම් (Partial migration withdrawals) 514% කින් පුදුමාකාර ලෙස ඉහළ ගොස් තිබේ.
මීට අමතරව, නවසීලන්තයේ රජයේ සෞඛ්‍ය සේවයේ පවතින දැඩි පෝලිම් සහ ප්‍රමාදයන් හේතුවෙන්, පුද්ගලික රෝහල්වලින් කඩිනම් සැත්කම් කරවා ගැනීම සඳහා බරපතල රෝගාබාධ (Significant illness) කාණ්ඩය යටතේ මුදල් ලබා ගැනීම් 63% කින් වැඩි වී ඇත. එමෙන්ම, නිවාස මිලදී ගන්නන් සහ දැඩි ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දෙන පිරිස් ද මුදල් ලබා ගැනීම් ඉහළ දමා ඇත.
මේ වන විට Kiwisaver හි අනාගතය එරට දේශපාලන කරළියේ ද ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව ඇති අතර, මින් පෙනී යන්නේ නවසීලන්ත වැසියන් මුහුණ දෙන වර්තමාන ආර්ථික සහ සමාජීය පීඩනයේ බරපතලකමද?

0 Comments