
නවසීලන්තයේ උතුරුදිග Kaikohe ප්‍රදේශයෙන් ඇසෙන මෙම පුවත ඕනෑම කෙනෙකුගේ හදවත කම්පා කරවන සුළුය. මධ්‍යම රාත්‍රියේ නිවසක හටගත් මහා ගින්නකින් තම පවුලේ සාමාජිකයන් සියල්ලන්වම බේරාගැනීමට George Davis නම් වීරෝදාර සීයා සමත්ව තිබේ. මෙහි ඇති සුවිශේෂීම සහ පුදුමසහගත කරුණ නම්, ජෝර්ජ් යනු එක අතක් අහිමි, ආබාධිත පුද්ගලයෙකු වීමයි.
රාත්‍රියේ පවුලේ පිරිස තද නින්දේ පසුවන විට නිවස පුරා එකවරම දරුණු ලෙස ගින්නක් ව්‍යාප්ත වී ඇත. නිවසම ඝන කළු දුමාරයෙන් සහ අධික උණුසුමෙන් පිරී යද්දී, කිසිවෙකුට කිසිවක් කරකියා ගත නොහැකිවූ මොහොතක ජෝර්ජ් වහාම ක්‍රියාත්මක විය. තමාට ඇත්තේ එක අතක් පමණක් වුවද, තම පවුල රැකගැනීමේ දැඩි අවශ්‍යතාවය නිසා ඔහු දුමාරය මැදින් ඉදිරියටම ගියේය.
කිසිවක් පැහැදිලිව නොපෙනෙන තත්ත්වයක් යටතේ වුවද, ජෝර්ජ් තම සහකාරිය වූ Erana සහ දරුවන්ව එකිනෙකා අවදි කර, නිවස කඩා වැටීමට මොහොතකට පෙර නිරුපද්‍රිතව එළියට ඇද ගැනීමට සමත් විය. ඔහුගේ මෙම ක්ෂණික සහ නොබියව ගත් තීරණය නිසා මුළු පවුලම ජීවිත බේරාගත් අතර, ඔවුන්ට වැළඳී ඇත්තේ දුමාරය නිසා ඇතිවූ සුළු ආශ්වාස ආබාධ පමණි.
ගින්න කොතරම් දරුණුද යත්, ගිනි නිවන භටයන් පැමිණෙන විටත් මුළු නිවසම විනාශ වී තිබුණි. ජෝර්ජ් සහ පවුලේ අයට ඉතිරි වූයේ ඇඳ සිටි වස්ත්‍ර පමණි. ඔවුන්ගේ ජීවිත කාලය පුරාම එකතු කළ වස්තුව, මතකයන් සහ සියලුම බඩුබාහිරාදිය මිනිත්තු කිහිපයකින් අළු බවට පත් විය. මෙම පවුලට ගෘහ භාණ්ඩ රක්ෂණයක් (Contents Insurance) ද නොතිබූ බැවින් ඔවුන් දැඩි අසරණභාවයට පත්ව සිටිති.
කෙසේ වෙතත්, නිතරම අන් අයට උදව් උපකාර කරන මෙම පවුල වෙනුවෙන් දැන් මුළු කයිකෝහේ ප්‍රජාවම පෙරට පැමිණ සිටිති. ඔවුන්ට තාවකාලික නවාතැන්, ඇඳුම් පැළඳුම් සහ එදිනෙදා අවශ්‍යතා සපුරා දීම සඳහා ‘Givealittle’ වෙබ් අඩවිය හරහා අරමුදල් රැස්කිරීමේ වැඩසටහනක්ද මේ වන විට ආරම්භ කර තිබේ.

0 Comments