← BACKUncategorized

DNA පරීක්ෂණවලින් සියල්ල තහවුරු වෙයි! අතුරුදහන් වූ 25 හැවිරිදි තරුණයා හමුවෙයි!

BY Dhanush•PUBLISHED JUNE 22, 2026•1 MIN READ•0 COMMENTS

“දෙවියන්ට කළ සෑම යාච්ඤාවකටම, නින්දක් නැති සෑම රාත්‍රියකටම සහ හදවත කැබලි කළ සෑම වේදනාවකටම අවසානයේ පිළිතුරක් ලැබුණා.”

ඒ, වසර දෙකකට වැඩි කාලයක් තිස්සේ තම අතුරුදහන් වූ පුතු එනතුරු මඟ බලා සිටි Haidee Ainsley නමැති මවකගේ සංවේදී වදන් පෙළයි. 2023 වසරේදී අතුරුදහන් වූ 25 හැවිරිදි තරුණ පියෙකු වන Samuel McAlister ගේ සිරුරේ කොටස් දුරස්ථ දූපතකින් හමුවී ඇති බව DNA පරීක්ෂණ මඟින් නිල වශයෙන් තහවුරු කර තිබෙනවා.

🔴 ඛේදවාචකයකින් කෙළවර වූ බෝට්ටු සංචාරය.
2023 සැප්තැම්බර් මාසයේදී, දරුවන් තිදෙනෙකුගේ පියෙකු වූ සැමුවෙල් තම මිතුරෙකු සමඟ ‘තේම්ස්’ බොක්කේ Kayak බෝට්ටුවකින් මසුන් ඇල්ලීමට ගොස් තිබුණා. එහිදී මුහුද රළු වීම නිසා සැමුවෙල්ගේ හුදෙකලා බෝට්ටුව අනතුරට ලක්වූ අතර, ඔහු බේරාගැනීමට මිතුරා දැඩි උත්සාහයක් ගත්තද එය අසාර්ථක වුණා. පසුව උදව් ඉල්ලා නැවත වෙරළට පැමිණි මිතුරා සහ මුදවාගැනීමේ කණ්ඩායම් එම ස්ථානයට යන විටත් සැමුවෙල් සහ ඔහුගේ බෝට්ටුව රළු මුහුදේ ගිලී අතුරුදහන් වී තිබුණා.

පොලිසිය සහ වෙරළාරක්ෂක බලකාය දින ගණනාවක් මහා පරිමාණයෙන් සෙවීම් සිදු කළද සැමුවෙල් ගැන කිසිදු තොරතුරක් ලැබුණේ නැහැ.

🔴 පූජනීය දූපතකින් හමුවූ සැමුවෙල්.

නමුත් පසුගිය ජනවාරි 5 වැනිදා, Motukaramarama Island නමැති හුදෙකලා දූපතක් අසලින් යාත්‍රා කළ පුද්ගලයෙකුට වෙරළේ ගල්පර අතර තිබී මිනිස් ඇටසැකිලි කොටස් කිහිපයක් හමුවුණා. මාස පහක් තිස්සේ සිදුකළ දීර්ඝ DNA පරීක්ෂණවලින් පසුව, එම සිරුරු කොටස් සැමුවෙල්ගේ බවට පොලිසිය පසුගියදා නිල වශයෙන් තහවුරු කළා.

මෙම දූපත ස්වදේශික Māori ජනතාවගේ පූජනීය සුසාන භූමියක් (Urupā) වන බැවින්, එම භූමියට ගරු කිරීමක් වශයෙන් ඉතිරි සිරුරු කොටස් සෙවීම සඳහා දූපත හෑරීම සිදු නොකිරීමට සැමුවෙල්ගේ පවුලේ අය තීරණය කර තිබෙනවා.
ඒ අනුව සැමුවෙල්ගේ සිරුරේ කොටස් එම පූජනීය භූමියේම සදාකාලිකව විවේක ගනියි.

තම ආදරණීය පුතුගේ අභාවයෙන් දැඩි සේ කම්පනයට පත් මව, සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් පවසා සිටියේ, “සැමුවෙල්, මගේ ලස්සන පුතේ, අන්තිමට අම්මා ඔයාව හොයාගත්තා. අපි නැවත හමුවන තුරු ඔබට සුබ ගමන්” යනුවෙනි.

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *