← BACKUncategorized

නවසීලන්ත ගොවි සංගම් සභාපතිවරයාගේ සමුගැනීම!

BY Dhanush•PUBLISHED JUNE 25, 2026•1 MIN READ•0 COMMENTS

නවසීලන්තයේ “Federated Farmers” හි ජාතික සභාපති ධුරය වසර තුනක් තිස්සේ අති සාර්ථකව හෙබවූ Wayne Langford එම ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් වෙමින්, සිය ධුර කාලය පිළිබඳව අතිශය වැදගත් සමාලෝචනයක් සිදුකර තිබේ. රජය සහ ගොවි ජනතාව අතර දැඩි මතභේද පැවති වකවානුවක සංගමයේ නායකත්වයට පත් වූ ඔහු, ගොවීන්ගේ අයිතිවාසිකම් දිනා දීම සඳහා නවමු මාවතක් නිර්මාණය කළ නායකයෙකු ලෙස ඉතිහාසයට එකතු වේ.

🔴 ගැටුම වෙනුවට සාකච්ඡාව.
පසුගිය රජය විසින් පනවන ලද දැඩි පරිසර නීති සහ “ෆාර්ට් ටැක්ස්” (Fart Tax – සතුන්ගෙන් පිටවන වායු සඳහා බදු පැනවීම) වැනි තීරණ නිසා නවසීලන්ත ගොවීන් සිටියේ දැඩි කෝපයකිනි. එවැනි අවස්ථාවකදී වේන් ලැන්ග්ෆෝර්ඩ් තෝරාගත්තේ වීදි බැස රණ්ඩුවීම වෙනුවට රජය සමඟ මේසය වටා වාඩි වී ප්‍රශ්න විසඳීමේ උපක්‍රමයයි. “පිටත ඉඳන් ගල් ගහන එක ලේසියි, හැබැයි ඇතුළට ගිහින් නීති කෙටුම්පත් හදන එකයි වැදගත්,” ඔහු පවසයි.

🔴 තරුණ සහ කාන්තා නියෝජනය ඉහළට.
වේන්ගේ නායකත්වය යටතේ පැවති පැරණි මතධාරී ගොවි සංගමය සම්පූර්ණයෙන්ම නවීකරණය විය. ඔහු තරුණ ගොවීන්, කිරි ව්‍යාපාරිකයින් සහ ගොවිපළවල් පවත්වාගෙන යන කාන්තාවන් විශාල වශයෙන් සංගමයට සම්බන්ධ කර ගනිමින් එහි සාමාජිකත්වය ඉහළ නැංවීමට කටයුතු කළේය.

🔴 ගොවිතැන, පවුල සහ මානසික සෞඛ්‍යය.
Golden Bay ප්‍රදේශයේ සාර්ථක කිරි ගොවියෙකු වන වේන්, රටේම ගොවි ජනතාව වෙනුවෙන් පෙනී සිටින අතරතුර තමන්ගේ පවුල සහ ගොවිපළ රැකගැනීමට දැඩි වෙහෙසක් දැරීය. ගොවි ජනතාව මුහුණ දෙන මානසික පීඩනය සහ විපතට පත්වීම් ගැන ඔහු ප්‍රසිද්ධියේ කතා කළ අතර, හුදෙකලා ගොවි නිවාසවල සිටින මිනිසුන්ගේ මානසික සෞඛ්‍යය ඉහළ නැංවීමටද විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළේය.

තමන් සභාපති ධුරයෙන් සමුගත්තද, නවසීලන්ත ගොවිතැනේ අනාගතය ඉතා දීප්තිමත් බවත්, ගැටුම්වලට වඩා සාකච්ඡාව සහ සහයෝගීතාවය තුළින් ඉදිරියටම යා හැකි බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කරයි.

මේ දිනවන ලංකාවේ දකින්න ලැබෙන ගොවි සංවිධාන සහ රජය අතර සිදුවන ගැටුම් වලටත් නවසීලන්ත සභාපතිගේ මේ ක්‍රමය ඉතා යෝග්‍ය මෙන්ම ඵලදායි නොවේද? ලංකාවේ ගොවි මහත්වරුත් ගැටුම් වෙනුවට සාකච්ඡා මාර්ග තෝරගන්නෙ නම් ශ්‍රී ලංකාවෙත් නවසීලන්තයට දෙවෙනි නොවන සාර්ථක ගොවි ප්‍රජාවක් බිහිකළ හැකියි නේද?

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *