
වසර 20කට අධික කාලයක් ඇමෙරිකාවේ නීත්‍යානුකූලව පදිංචිව සිටි 37 හැවිරිදි නවසීලන්ත ජාතික Everlee Wihongi, දින 73ක් පුරා ඇමෙරිකානු ආගමන විගමන (ICE) රැඳවුම් කඳවුරක සිරකර තැබීමෙන් පසු නිදහස ලබා ප්‍රථම වරට ඇගේ නිහඬතාව බිඳ තිබේ. තමන්ව රඳවා තබා ගැනීමට නිශ්චිත හේතුවක් හෝ නිල වශයෙන් කිසිදු චෝදනාවක් බලධාරීන් විසින් තමන්ට දැනුම් නොදුන් බව ඇය පවසයි.
ඇගේ මාමාගේ 80 වැනි උපන්දිනය සැමරීම සඳහා නවසීලන්තයට පැමිණ නැවත ඇමෙරිකාවේ විස්කොන්සින් බලා යමින් සිටියදී දේශසීමා නිලධාරීන් විසින් ඇයව අත්අඩංගුවට ගෙන ඇත. මීට හේතු වී ඇත්තේ 2016 වසරේදී ඇයට එරෙහිව තිබූ සුළු කංසා ප්‍රමාණයක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවකි. එම අවස්ථාවේදී ඇගේ නීතිඥයා එයින් ඇගේ පදිංචියට බලපෑමක් නොවන බව පවසා තිබුණත්, පසුව එම නීතිඥයා සේවාදායකයින්ට බොරු කීම නිසා නීතිඥ වෘත්තියෙන් තහනමට ලක්වූ අයෙකි.
ඇයව රඳවා සිටි කඳවුරුවල තත්ත්වය ඉතා දරුණු වූ බවත්, 60කට අධික පිරිසක් සිටි කුඩා කාමරවල රාත්‍රිය පුරා ලයිට් දල්වා තබමින් ආරක්ෂකයින් කෑගසමින් තමන්ට දැඩි මානසික වධහිංසා පැමිණවූ බවත් ඇගේ පවුලේ අය හෙළි කළහ. අවසානයේදී ඇගේ නව නීතිඥ කණ්ඩායම සහ මාධ්‍යවේදීන්ගේ දැඩි මැදිහත් වීම මත 2016 පැරණි නඩු තීන්දුව අධිකරණයකින් අවලංගු කරවා ගැනීමෙන් පසු ඇයව නිදහස් කර ගැනීමට හැකි විය.
කෙසේ වෙතත්, තවමත් ඇගේ විදේශ ගමන් බලපත්‍රය සහ Green කාඩ්පත ආගමන විගමන අංශ සන්තකයේ පවතින බැවින් තමන් තවමත් සම්පූර්ණ නිදහස ලබා නොමැති බව එවලී පවසන්නීය.

0 Comments