← BACKImmigration Updates

ආගමන විගමන නීතිරීතිවල සිරවී, වසර 9ක් තිස්සේ තම පුතු නොදැක ලතවන පවුලක සංවේදී කතාව!

BY DhanushPUBLISHED JUNE 30, 20261 MIN READ0 COMMENTS

නීතිමය සහ පරිපාලනමය ගැටලු රැසක් හේතුවෙන් වසර නවයක් තිස්සේ තම බාල පුතුගෙන් වෙන්ව ජීවත්වන නවසීලන්තයේ පදිංචි පවුලක්, තමන් විඳින දැඩි මානසික පීඩාව පිළිබඳව ප්‍රථම වරට මාධ්‍ය හමුවේ අදහස් දක්වා තිබේ. මෙම වසර 9 පුරාවටම එම කුඩා දරුවා තම දෙමාපියන් සහ සහෝදරයන් ජීවත්වන නවසීලන්තයට එකම එක වතාවක් හෝ පැමිණ නොමැත.

මීට වසර නවයකට පෙර මෙම දෙමාපියන් රැකියා වීසා මත නවසීලන්තයට සංක්‍රමණය වන විට, පරිපාලනමය ප්‍රශ්නයක් නිසා ඔවුන්ගේ බාල පුතාව මව් රටේ සිටින ඥාතීන් භාරයේ තබා ඒමට සිදුවිය. පසුව ඔහුව ගෙන්වා ගැනීමට උත්සාහ කළත්, නවසීලන්ත ආගමන විගමන අංශයේ (Immigration New Zealand)

👉🏻නිරන්තරයෙන් වෙනස් වන දැඩි නීතිරීති,
👉🏻කොවිඩ් වසංගතය නිසා වීසා ක්‍රියාවලීන් අත්හිටුවීම
👉🏻සහ අධික ලිපි ලේඛන ගාස්තු හේතුවෙන්

සෑම වීසා ඉල්ලුම්පත්‍රයක්ම ප්‍රතික්ෂේප වී හෝ ප්‍රමාද වී ඇත.

මේ නිසා දරුවාගේ උපන් දින සහ නත්තල් උත්සව වැනි සෑම සුවිශේෂී අවස්ථාවක්ම සැමරීමට දෙමාපියන්ට සිදුවූයේ දුරකථන තිර (Video calls) හරහා පමණි. “ඔහු මෙහේ එනකම් අපේ පවුල සම්පූර්ණ නැහැ, අපි බිදුණු පවුලක් වෙලා ඉන්නේ,” යැයි කියමින් එම මව හඬමින් පවසා සිටී. මානුෂීය පදනම මත හෝ තම දරුවාට නවසීලන්තයට පැමිණීමට අවසර දෙන ලෙස මෙම දෙමාපියන් රජයෙන් සහ බලධාරීන්ගෙන් දැඩි ලෙස ඉල්ලා සිටිති.

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *