
නවසීලන්තයේ Napier නගරයේ ඓතිහාසික වීදිවලට තවත් අපූර්ව පැරණි පෙනුමක් එකතු කරමින්, එරට ප්‍රසිද්ධ ආර්ට් Art Deco Trust ආයතනයේ පැරණි වාහන එකතුවට ඉතා වටිනා මෝටර් රථයක් නිල වශයෙන් එක්කර තිබේ. ඒ, අතිශය සුරක්ෂිතව පැවති 1937 Packard Six වර්ගයේ දොර හතරේ සුඛෝපභෝගී මෝටර් රථයකි.
කෙසේ වෙතත්, මෙම අභිමානවත් මෝටර් රථය සංචාරකයින් සඳහා වීදිවල ධාවනය කිරීමට ප්‍රථම, එයට ගැලපෙනම අනන්‍ය නමක් තැබීමට ආයතනය තීරණය කර තිබේ.
විදේශයන්ගෙන් ආනයනය කරන ලද බොහෝ පැරණි වාහන මෙන් නොව, මෙම 1937 පැකාඩ් රථය නවසීලන්තය තුළම ඉතා දීර්ඝ ඉතිහාසයක් ඇති සැබෑ උරුමයකි. මෙය මුලින්ම 1937 වසරේදී මිලදී ගෙන ඇත්තේ ඕක්ලන්ඩ්හි ප්‍රසිද්ධ වෛද්‍යවරයකු වූ Dr. W. L. Donohue විසිනි. පසුකාලීනව මෙම රථය Kaipara Heads හි පිහිටි පවුලේ මඩුවක් තුළ වසර 40කට ආසන්න කාලයක් කිසිවෙකුගේ අවධානයට ලක් නොවී රහසිගතව තිබී ඇත. එලෙස දිගු කලක් ආවරණය වී තිබීම නිසාම, මෙහි මුල් පෙනුම ඉතාම සුළු හානියක් හෝ රහිතව සුරක්ෂිතව තිබීම විශේෂත්වයකි.
මෙම වටිනා රථය මහජනතාවට දැකබලා ගැනීම සඳහා පරිත්‍යාග කර ඇත්තේ ආර්ට් ඩෙකෝ ට්‍රස්ට් හි ස්වේච්ඡා මාර්ගෝපදේශකයෙකු වන John Ellison විසිනි. වසර 40ක් එකතැන තිබූ වාහනයක් නැවත ධාවන තත්ත්වයට පත් කිරීම පහසු කටයුත්තක් නොවූ අතර, විශේෂඥ කාර්මික කණ්ඩායමක් විසින් එහි ආරක්ෂාව සහ පැරණි පෙනුම සුරැකෙන පරිදි නවීකරණය කර ඇත.
සුවපහසු ආසන, නවීන දර්ශන කැමරා සහ සංඥා පද්ධති මීට ඇතුළත් කර ඇති අතර, වාහනයේ පැරණි අනන්‍යතාවය ද එලෙසම රඳවාගෙන ඇත. මෙම අලංකාර රථයට සුදුසුම නමක් යෝජනා කරන ලෙස ආර්ට් ඩෙකෝ ට්‍රස්ට් ආයතනය මේ වන විට පොදු මහජනතාවට සහ පැරණි වාහන ලෝලීන්ට විවෘත ආරාධනයක් කර සිටී.
පෝළිමට පහළින් දාමු බලන්න ලස්සන නම් ටිකක්! 😃

0 Comments