← BACKEconomy

සීතල කාලගුණය සමඟ ඕක්ලන්ඩ් හි කුලී නිවාස මිල ගණන් වලට වුනු දේ?

BY Dhanush•PUBLISHED JULY 8, 2026•1 MIN READ•0 COMMENTS

නවසීලන්තයේ Auckland නගරයේ මෙතෙක් කල් ඉතා ඉහළ අගයක පැවති නිවාස කුලී වෙළෙඳපොළ (Rental Market) මේ වන විට සැලකිය යුතු ලෙස සිසිල් වී තිබේ. ශීත ඍතුවේ බලපෑම, රටේ පවතින ආර්ථික පීඩනය සහ වෙළෙඳපොළට අලුතින් එකතු වූ කුලී නිවාස ප්‍රමාණය ඉහළ යාම හේතුවෙන්, නිවාස හිමියන්ට වඩා කුලී නිවැසියන්ට (Tenants) වාසි සහගත තත්ත්වයක් නිර්මාණය වී ඇත.

🔴 නිවාස වෙළෙඳපොළ මන්දගාමී වීමට හේතු:

👉🏻 නිවාස අලෙවිය අඩාල වීම: වර්තමාන ආර්ථික වාතාවරණය තුළ නිවාස විකිණීමට අපහසු වීම නිසා, බොහෝ ඉඩම් හිමියන් තමන්ගේ නිවාස විකුණනවා වෙනුවට කුලියට දීමට තීරණය කර ඇත.

👉🏻 විදේශගත වීම් ඉහළ යාම: රැකියා සඳහා නවසීලන්ත වැසියන් විශාල වශයෙන් විදේශගත වන අතර, ඔවුන් තම නිවාස විකුණා නොදමා දිගුකාලීන කුලී පදනම මත වෙළෙඳපොළට මුදා හරිමින් පවතී.

👉🏻 නව නිවාස ඉදිකිරීම්: පසුගිය වසර කිහිපය තුළ ඕක්ලන්ඩ් පුරා ඉදිවූ නව මහල් නිවාස (Apartments) සහ ටවුන්හවුස් (Townhouses) ව්‍යාපෘති අවසන් වීම නිසා වෙළෙඳපොළේ නිවාස අතිරික්තයක් නිර්මාණය වී තිබේ.

මෙම කරුණු නිසා පසුගිය වසරට සාපේක්ෂව නව කුලී නිවාස ලැයිස්තුගත කිරීම් 10% කින් ඉහළ ගොස් ඇති අතර, කුලී නිවැසියන්ට තමන්ට කැමති පරිදි නිවාස තෝරාගැනීමේ වැඩි නිදහසක් ලැබී ඇත.

🔴 ගෙවල් හිමියන් දෙන විශේෂ දීමනා.
දැනට ඕක්ලන්ඩ් හි සාමාන්‍ය සතිපතා නිවාස කුලිය ඩොලර් 650ක් පමණ වන අතර, මිල ගණන් තවදුරටත් ඉහළ යාම නතර වී ඇත. නිවාස කුලියට ගැනීමට පැමිණෙන පිරිස අඩු වීම නිසා, තම නිවෙස් හිස්ව තැබීමට අකමැති ගෙවල් හිමියන් කුලී නිවැසියන් ආකර්ෂණය කරගැනීමට විවිධ “සීනිබෝල දීමනා” දීමට පටන් ගෙන තිබේ.

සමහර නිවාස හිමියන් පළමු සති දෙක සඳහා සම්පූර්ණයෙන්ම කුලිය නිදහස් කිරීම (Free Rent), ප්‍රවාහන වියදම් සඳහා දායක වීම හෝ සුපිරි වෙළෙඳසැල් වවුචර (Grocery Vouchers) ලබාදීම වැනි දෑ මේ වන විට සිදු කරයි.

ජීවන වියදම ඉහළ යාම නිසා පීඩාවට පත්ව සිටින ඕක්ලන්ඩ් වැසියන්ට මෙම කුලී මිල පහත වැටීම විශාල සහනයක් වන අතර, නිවාස ආයෝජකයන්ට ඉදිරි මාස කිහිපය තරමක් අභියෝගාත්මක වනු ඇත.

lakkiwinews #AucklandRentals #NZPropertyMarket #RentalMarketCooling #AucklandHousing #TenantPower #RealEstateNZ #PropertyManagement #WinterSlowdown #CostOfLivingNZ

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *