← BACKEntertainment

The Rock නර්තනයකින් හොලිවුඩයම උණුසුම් කළ හැටි මෙන්න!

BY Dhanush•PUBLISHED JULY 9, 2026•1 MIN READ•0 COMMENTS

ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් ඩිස්නි ආයතනයේ Moana සජීවී (Live-Action) චිත්‍රපටයේ ලෝක මංගල දර්ශනය ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර Hollywood Bowl හිදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. එහිදී කාගේත් අවධානය දිනාගත්තේ ලොව සුපිරි තරුවක් වන ඩ්වේන් Dwayne “The Rock” Johnson තමන්ටම ආවේණික වූ සාම්ප්‍රදායික පැසිෆික් දූපත් සංස්කෘතික ඇඳුමකින් සැරසී රතු පලස (ඇත්ත වශයෙන්ම නිල් පැහැති පලස) මතට පැමිණීමයි.

මෙම සිනමාපටයේ ‘මාවුයි’ නම් සුප්‍රසිද්ධ අර්ධ දේව චරිතයට පණ පොවන ජොන්සන්, සිය මවගේ පාර්ශවයෙන් තමන්ට උරුම වූ සාම්ප්‍රදායික Samoan සංස්කෘතියට උපහාර දැක්වීමක් ලෙස මෙම ඇඳුම් විලාසිතාව තෝරාගෙන තිබුණි.

🔴 හොලිවුඩය මවිත කළ සංස්කෘතික විලාසිතාව.

👉🏻 ලාවාලාවා (Lavalava): ඔහු සාමාන්‍ය කෝට් බෑයකින් සැරසෙනු වෙනුවට ලා දුඹුරු සහ රතු වර්ණවලින් නිමවූ, කළු සහ සුදු දාර සහිත සාම්ප්‍රදායික සැමෝවා සාය (Wrap skirt) වැනි ඇඳුමකින් සැරසී සිටියේය.

👉🏻 පේල් ෆුයෝනෝ (Pale Fuiono): ඔහුගේ හිස මත සුදු සහ රතු පැහැති පක්ෂි පිහාටු සහිත රාජකීය හිස්වැස්මක් පැළඳ සිටි අතර, ගෙල වටා සාම්ප්‍රදායික මල් මාලයක් (Ula) සහ පාදවලට රන්වන් පාද ආභරණ පැළඳ සිටියේය.

මංගල දර්ශන වේදිකාව මතදී ජොන්සන් විසින් සැමෝවා සංස්කෘතියේ විශේෂ උත්සව සඳහා පමණක් වෙන්වූ ‘තවුආලුගා’ (Taualuga) නම් සාම්ප්‍රදායික නර්තනය ද ඉදිරිපත් කළේය. මෙහිදී ඔහු සමඟ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කරන කැතරින් ලගායියා (Catherine Lagaʻaia) සහ පොලිනීසියානු නර්තන කණ්ඩායමක් ද එක්විය.

“මෙම චිත්‍රපටය සහ මෙහි මගේ චරිතය මගේ පෞද්ගලික ජීවිතයට ඉතා සමීපයි. සිනමාව තුළ සැබෑ සංස්කෘතික අනන්‍යතාවය ලෝකයටම පෙන්වීමට ලැබීම මට විශාල ආඩම්බරයක්” යැයි ඩ්වේන් ජොන්සන් මෙහිදී අදහස් දක්වමින් පැවසීය.

ලොකු පොඩි හැමෝම ආසකරන මේ චිත්‍රපටය එනකන් මගබලාගෙන ඉන්නෙ කවුද?

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *