
ආර්ථික සහයෝගිතාව සහ සංවර්ධනය පිළිබඳ සංවිධානය (OECD) විසින් නිකුත් කරන ලද නවතම ‘රැකියා නියුක්ති පූර්වාවලෝකන’ වාර්තාවට අනුව, ලොව සංවර්ධිත රටවල් 37ක් අතරින් උද්ධමනයට සාපේක්ෂව අවම වැටුප් වර්ධනයක් (Real Wage Growth) වාර්තා කළ රට බවට නවසීලන්තය පත්ව තිබෙනවා.
මෙම වාර්තාවට අනුව, පවතින දැඩි ජීවන වියදම් අර්බුදය (Cost-of-living crisis) හමුවේ නවසීලන්තයේ සැබෑ වැටුප්වල අගය 2021 වසරේ පළමු කාර්තුවට වඩා 6.4% ක සිතාගත නොහැකි මට්ටමක පහත වැටීමක් පෙන්වයි. මෙයින් අදහස් වන්නේ කිවි වැසියන් උපයන වැටුප ඉහළ ගියද, උද්ධමනය සහ බඩු මිල ඊට වඩා වේගයෙන් ඉහළ යාම නිසා ඔවුන්ගේ මුදල්වල මිලදී ගැනීමේ ශක්තිය (Buying power) දරුණු ලෙස බිඳ වැටී ඇති බවයි.
OECD කලාපයේ සෙසු රටවල සාමාන්‍ය වැටුප් වර්ධනය 2.2% ක ධන අගයක් ගනිද්දී, නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාව පමණක් තවමත් මෙම ආර්ථික පසුබෑමෙන් මිදීමට අපොහොසත් වී තිබේ. ආර්ථික විද්‍යාඥයින් පවසන්නේ මෙම තත්ත්වයට ප්‍රධානතම හේතුව නවසීලන්තයේ ශ්‍රම ඵලදායිතාවය (Workforce productivity) ඉතා පහළ මට්ටමක පැවතීම බවයි. දැනට පවතින ඉහළ පොලී අනුපාත සහ රැකියා විරහිතභාවය 5.4% දක්වා ඉහළ යාම නිසා ඉදිරි මාස කිහිපය තුළද ජනතාවගේ පරිභෝජන රටාව සහ ආර්ථිකය තවදුරටත් දැඩි පීඩනයකට ලක්වනු ඇති බව විචාරකයෝ පෙන්වා දෙති.

0 Comments