← BACKUncategorized

ශ්‍රී ලාංකික ආබාධිත දරුවෙකු නවසීලන්තයෙන් පිටුවහල් කිරීමේ අවදානමක්!

BY Dhanush•PUBLISHED JULY 12, 2026•1 MIN READ•0 COMMENTS

“අපිට අවශ්‍ය වුණේ අපේ පුතාට සාමාන්‍ය ජීවිතයක් ලබාදෙන්න විතරයි…”

එවැනි සංවේදී වදන් කිහිපයක් සමඟ නවසීලන්තයේ ජීවත් වන ශ්‍රී ලාංකික පවුලක් මේ වනවිට තම ජීවිතයේ අසීරුම සටනකට මුහුණ දී සිටින බව වාර්තා වෙනවා.

දරුණු ශාරීරික සහ සංවර්ධන ආබාධ කිහිපයකින් පෙළෙන ඔවුන්ගේ කුඩා පුතු ශ්‍රී ලංකාවේ සිටි කාලයේදී සමාජයෙන් ප්‍රතික්ෂේප වූ බවත්, ඇතැමුන් ඔහුව “ශාපයක්” ලෙස පවා හඳුන්වා අපහාස කළ බවත් පවුල සඳහන් කර තිබෙනවා.
දෙමාපියන් පවසන්නේ තම පුතුට අවශ්‍ය විශේෂ වෛද්‍ය ප්‍රතිකාර, පුනරුත්ථාපන සේවා සහ අධ්‍යාපනික සහාය ලබාදීම සඳහා ඔවුන් නවසීලන්තයට පැමිණි බවයි. එහිදී ඔහුගේ සෞඛ්‍යය සහ දෛනික ජීවිතය සැලකිය යුතු ලෙස යහපත් වූ බවද ඔවුන් කියා සිටිනවා.

නමුත් මේ වනවිට එම පවුල නවසීලන්තයෙන් පිටුවහල් කිරීමේ අවදානමකට මුහුණ දී සිටින බව වාර්තා වනවා. ඒ අනුව, නැවත ශ්‍රී ලංකාවට යාමට සිදුවුවහොත් තම පුතුට අවශ්‍ය ප්‍රතිකාර සහ සහාය ලබාදීම ඉතා අපහසු වනු ඇති බවට දෙමාපියන් ඔවුන්ගේ දැඩි කනස්සල්ල පළ කරන්වා.

මේ වනවිට මෙම සිද්ධිය නවසීලන්තයේ ආබාධ සහිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ක්‍රියා කරන සංවිධාන, නීතිඥයන් සහ මානව හිමිකම් ක්‍රියාකාරීන්ගේද අවධානයට ලක්ව තිබෙනවා. ඔවුන් පෙන්වා දෙන්නේ මෙවැනි අවස්ථාවල සංක්‍රමණ නීති පමණක් නොව, දරුවාගේ යහපත සහ මානුෂීය කරුණුද සලකා බැලිය යුතු බවයි.

මේ අතර, සමාජ මාධ්‍ය ඔස්සේද මෙම පවුලට සහය පළ කරන පිරිස දිනෙන් දින ඉහළ යමින් තිබෙන අතර, දරුවාට නවසීලන්තයේ රැඳී සිටීමට අවස්ථාව ලබාදෙන ලෙස ඉල්ලීම්ද ඉදිරිපත් වෙමින් පවතිනවා.

කෙසේ වෙතත්, මෙම සිද්ධිය සම්බන්ධයෙන් අවසන් තීරණයක් මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැති අතර, නවසීලන්ත ආගමන විගමන බලධාරීන්ගේ ඉදිරි තීරණය පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.

සැ.යු : පෞද්ගලිකත්වය හේතුවෙන් දරුවාගෙ සහ දෙමාපියන්ගේ නම් ගම් හෙළිකිරීමට නොහැක.

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *