
ප්‍රේම සම්බන්ධතාවයක් බිඳී යාමෙන් පසු තම හිටපු සහකාරියගෙන් පළිගැනීම සඳහා ඇයගේ ෂැම්පු බෝතලයට රෝම ඉවත් කරන ක්‍රීම් (Hair removal cream) මිශ්‍ර කළ පුවතක් නවසීලන්තයේ Nelson නුවරින් වාර්තා වේ. මෙම නින්දිත ක්‍රියාව සිදුකර ඇත්තේ 49 හැවිරිදි Stacey Paul Waddel නමැති පුද්ගලයෙකි.
සම්බන්ධතාවය අවසන් වීමෙන් ඇතිවූ කෝපය සහ වෛරය පිරිමසා ගැනීම සඳහා ස්ටේසි, ඇය නිතරම නෑමට ගන්නා ෂැම්පු බෝතලයට රහසින්ම රෝම ඉවත් කරන රසායනික ක්‍රීම් වර්ගයක් මිශ්‍ර කර ඇත. සාමාන්‍ය ෂැම්පු එකක් යැයි සිතා මෙය හිසෙහි ගල්වා සේදීමේදී ඇයගේ කෙස් කළඹට දැඩි හානි සිදුවී ඇති අතර හිස්කබලද රසායනික පිළිස්සීම්වලට ලක්ව තිබේ. මෙවැනි ක්‍රීම් වර්ගවල අඩංගු ප්‍රබල ක්ෂාරීය රසායනික ද්‍රව්‍ය ඇස්වලට ගියේ නම් සදාකාලික අන්ධභාවයට පවා පත්වීමට ඉඩ තිබූ බව වෛද්‍ය අංශ පවසයි. මෙම අපරාධයෙන් පසුව තරුණිය ශාරීරිකව මෙන්ම දැඩි මානසික කැලඹීමකටද ලක්ව ඇත.
නෙල්සන් දිස්ත්‍රික් අධිකරණය හමුවේ මෙම නඩුව විභාග වූ අතර, එහිදී විනිසුරුවරයා ස්ටේසි පෝල් වඩෙල් වැරදිකරු බවට ප්‍රකාශ කළේය. ඒ අනුව, මාස 9ක කාලයක් ඇතුළත නැවත කිසිදු වරදක් නොකර යහපත් කල්ක්‍රියාවෙන් පසුවිය යුතු බවට කොන්දේසි පැනවූ අධිකරණය, වින්දිත තරුණියට සිදු වූ මානසික හා ශාරීරික පීඩාව වෙනුවෙන් නවසීලන්ත ඩොලර් 1,000ක වන්දි මුදලක් ගෙවන ලෙසද නියෝග කළේය.
කෙසේ වෙතත්, මෙම දරුණු සහ සූක්ෂ්ම අපරාධයට ලබා දුන් දඬුවම ඉතා සැහැල්ලු වැඩි බවට එරට සමාජ මාධ්‍ය ජාලාවල දැඩි විවේචනයක් එල්ල වෙමින් පවතී.
මෙවැනි අධම මිනිසුන්ට දිය යුතු දඩුවම කුමක්ද?

0 Comments