
නිශ්ශබ්ද රාත්‍රියක නිවැසියන් නිවස තුළ සිටින අවස්ථාවක, පාලනයෙන් ගිලිහුණු මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන, ඉදිරිපස වත්තද පසුකරමින් කෙළින්ම නිවසේ සාලයේ තාප්පය කඩාගෙන ඇතුළටම වැදී ඇත. ඇසිල්ලකින් සිදුවූ මෙම අනතුර පිළිබඳව අදහස් දැක්වූ නිවැසියන් කියා සිටියේ,
“එකවරම මහා පිපිරුම් හඬක් ඇසුණු බවත්, තත්පර කිහිපයක් යනතුරු මුළු සාලය පුරාම දුම, දූවිලි සහ ලී කැබලි විසිවෙමින් තිබූ” බවත්ය.
මෝටර් රථය වැදීමෙන් නිවසේ බිත්ති සහ වහලයේ ආධාරක බිඳ වැටී සාලයේ තිබූ ගෘහ භාණ්ඩ සම්පූර්ණයෙන්ම කුඩු වී ගොස් තිබේ. අනතුර සිදුවූ වහාම පොලිසිය, ගින්න නිවන හමුදාව සහ ගිලන්රථ සේවා ස්ථානයට පැමිණි අතර, රථයේ රියදුරු වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමු කර ඇත. අනතුර සිදුවීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර පොලිසිය මේ පිළිබඳව පරීක්ෂණ පවත්වයි. නිවසට බරපතල හානි සිදුවුවද, පවුලේ කිසිවෙකුටත් ජීවිත හානියක් සිදු නොවීම පිළිබඳව ඔවුහු දෙවියන්ට ස්තුති කරති.

0 Comments