
නවසීලන්තයේ ඔක්ලන්ඩ් මධ්‍යම නගරයේ පිහිටි ප්‍රධානතම පොදු ප්‍රවාහන මධ්‍යස්ථානයක් වන Waitematā (Britomart) දුම්රිය ස්ථානය තුළ හදිසියේ ඇතිවූ ආරක්ෂක හේතුවක් මත එහි සිටි මගීන් සියල්ලන්ම වහාම ඉවත් කිරීමට බලධාරීන් පියවර ගෙන තිබුණි.
පොලිසිය සහ ගිනි නිවන සේවය වහාම ක්‍රියාත්මක වී දුම්රිය ස්ථානය වටකර පරීක්ෂණ ආරම්භ කළ අතර, ඒ සමඟම එම ස්ථානයෙන් ගමන් කිරීමට නියමිතව තිබූ සියලුම දුම්රිය ගමන් වාර තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත්හ. මෙම හදිසි ඉවත් කිරීම හේතුවෙන් පස්වරුවේ රැකියා නිමවී නිවෙස් බලා යාමට පැමිණි දහස් සංඛ්‍යාත මගීන් පිරිසක් දැඩි අසීරුතාවයට පත්වූහ.
දුම්රිය ස්ථානය පරික්ෂා කර තහවුරු කරගැනීමෙන් අනතුරුව යළිත් ගමනාගමන කටයුතු ආරම්භ කිරීමට පියවර ගත් අතර, මගීන්ගේ පහසුව උදෙසා විකල්ප බස් රථ සේවාවන් යෙදවීමට ඔක්ලන්ඩ් ප්‍රවාහන අධිකාරිය කටයුතු කළේය. මෙය දවස් පහක් ඇතුළත දුම්රිය ස්ථානය වසා දැමූ දෙවන අවස්ථාව වෙයි. කෙසේ වෙතත් Emergency Alarm එක නාද වූයේ තාක්ෂණික දෝෂයක් මතද යන්න තවම තහවුරු වී නැත.

0 Comments